IMG-LOGO

2026 ඔක්තෝබර් මස 18 වන ඉරිදා


මුල් මාස අටේදී ගුවන්යානා හැසිරවීම් සියයට 9කින් පහළට

  • හැසිරවූ ගුවන් යානා මෙහෙයුම් ගණන 40,111ක්
  • මෙතෙක් හසුරුවා ඇති මගීන් ගණන 6,439,213 ක් 

මෙම වසරේ ජනවාරි 01 වැනිදා සිට අගෝස්තු 31 වැනිදා දක්වා ගත වූ මාස අටක කාලය තුළ මෙරට ගුවන් තොටුපොළ හරහා සිදුකළ ගුවන් යානා මෙහෙයුම් සංඛ්‍යාව 40,111 ක් ලෙස සටහන්ව තිබේ.

ඒ අතරින් ගුවන් මෙහෙයුම් 38,524 ක් කාලසටහනකට අනුව සිදු වූ ඒවා වන අතර, මෙහෙයුම් 1,587ක් කාලසටහනකට අනුව සිදු නොවුණු ඒවා බව සිවිල් ගුවන් සේවා අධිකාරිය නිකුත් කළ ආසන්නතම දත්ත වාර්තාවේ සටහන්ව තිබේ.

කෙසේ වෙතත් 2025 වසරේ මෙම කාලසීමාව තුළ කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොළ හරහා පමණක් සිදුකළ ගුවන් මෙහෙයුම් සංඛ්‍යාව වූ 44,185 හා සැසඳීමේදී එය ගුවන් මෙහෙයුම් 4,074 ක එනම් සියයට 9 ක අඩුවීමක් ලෙසින්ද සටහන්ව තිබේ. 

මේ අතර මෙම වසරේ ගත වූ කාලසීමාව තුළ සිදුකළ සමස්ත මගී හැසිරවීම් සංඛ්‍යාව 6,439,213 කි. 2025 වසරේ එම කාලසීමාව තුළ බණ්ඩාරනායක ගුවන් තොටුපොළ හරහා පමණක් සිදු කළ මගී හැසිරවීම් සංඛාව 6,630,728 ක් විය.

විශේෂයෙන්ම පෙබරවාරියේදී ඇති වූ මැදපෙරදිග යුද ගැටුම් තත්වය මේ සඳහා බලපා තිබේ. 

එසේම වසරේ මුල් මාස අට තුළ ගුවන් තොටුපොළ හරහා හැසිරවූ භාණ්ඩ ප්‍රමාණයේ බර ටොන් 144,713 කි. ඒ අතරින් ටොන් 89,470ක් ගුවන් යානා වෙත පටවා ඇති අතර, ටොන් 55,243ක් ගොඩබා තිබෙන බව සිවිල් ගුවන් සේවා අධිකාරියේ දත්ත පවසයි. 



අදහස් (0)

මුල් මාස අටේදී ගුවන්යානා හැසිරවීම් සියයට 9කින් පහළට

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site