IMG-LOGO

2025 ජුනි මස 16 වන සඳුදා


මුල් භාගයේ පසුබෑම පසුව අනාවරණය කරගනී

කොළඹ කොටස් වෙළෙදපොළ ගනුදෙනුවල දී දර්ශක දුර්වල වන ස්වභාවයක් ආරම්භයේ දී පෙන්නුම් කරන ලද නමුත් පසුව වර්ධනයක් සනිටුහන් කළේය. පසුගිය දිනවල මිල දී ගත් කොටස් විකුණා ලාබ ඉපැයීමට උත්සාහ කරන ලද බව නිරීක්ෂණය කළහැකි වූ නමුත් කොටස් සඳහා තිබුණ ඉල්ලුම හේතු කොටගෙන විකිණීමේ ප්‍රවණතාව පාලනය විය. අද සතියේ අවසන් ගනුදෙනු දිනයේ පවා මිශ්‍ර ස්වභාවයක් පවතිනු ඇත. මධ්‍ය හා දීර්ඝ කාලීන ගනුදෙනු සඳහා අවස්ථාවක් තිබේ. තෝරාගත් සමාගම්වල කොටස් සඳහා කෙටි කාලීන ආයෝජන වශයෙන් මුදල් යෙදවීමට ද අවස්ථාවක් ඇත. 

ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 17,434.94 ක් වු අතර එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 81.89 ක වර්ධනයකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 5,186.78 ක් වශයෙන් අවසන් වූ අතර එය දර්ශක 27.12 ක වර්ධනයක් සේ දැක්විය හැකිය. මෙදින ගනුදෙනු 33,311 ක් වාර්තා වූ අතර සමාගම් 154 ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහත වැටුණ සමාගම් ගණන 94 කි. දෛනික පිරිවැටුම රු. මිලියන 5,595.58 ක් විය. කොටස් මිලියන 222.0 ක් හුවමාරු වූ බව දැක්වේ. 

මාරවිල ශත දහයක ලාභාංශ ප්‍රකාශයට පත් කර ඇති අතර සීගිරිය විලේජ් රු.තුනක, බේරුවල රිසෝට් ශත දහයක වශයෙන් ද ලාභාශ නිවේදනය කර තිබේ.  හේමාස් හෝල්ඩිං රු. මිලියන 218 ක්, බ්‍රවුන් ඉන්වෙස්ට්මන් රු. මිලියන 205 ක්, ලංකා මිල්ක් ෆුඩ් රු. මිලියන 198 ක්, එල්.බී. ෆිනෑන්ස් රු. මිලියන 191 ක්, ඩිප් ප්‍රඩක්ට් රු. මිලියන 191 ක්, ජෝන් කීල්ස් රු. මිලියන 183 ක්, රීල් ප්‍රොපටි රු. මිලියන 177 ක්, ස්විස්ටෙක් රු. මිලියන 165 ක්, ආදී වශයෙන් පිරිවැටුමට වැඩිම දායකත්වයක් දැක්වූ අවස්ථා වශයෙන් සටහන්ය.
නිරීක්ෂක

 



අදහස් (0)

මුල් භාගයේ පසුබෑම පසුව අනාවරණය කරගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site