IMG-LOGO

2026 අගෝස්තු මස 09 වන ඉරිදා


මෙල්වා චැලෙන්ජ් ට්‍රොෆි 2026 දිවයින පුරා අරඹමින් ගම්පහ දිස්ත්‍රික් ශූරතාව සාර්ථකව නිමවේ


ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛ සන්නාමයක් වන මෙල්වා සමූහය ගොඩනැගිලි ද්‍රව්‍ය සැපයුම්කරුවන්, පෙදරේරුවන් සහ වෙල්ඩින් ශිල්පීන් අතර සහයෝගීතාව සහ මිත්‍රත්වය ශක්තිමත් කිරීමේ අරමුණෙන් සංවිධානය කරන මෙල්වා චැලෙන්ජ් ට්‍රොෆි 2026 ක්‍රිකට් තරගාවලිය ගම්පහ වලිසිංහ හරිස්චන්ද්‍ර ක්‍රීඩාංගණයේදී පැවති ගම්පහ දිස්ත්‍රික් ශූරතාවලියෙන් සාර්ථකව ආරම්භ විය. 

මෙම ආරම්භක තරගාවලියට ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් කණ්ඩායම් 15ක් සහභාගී වූ අතර එම කණ්ඩායම් අතරට වජිර හාඩ්වෙයාර්, සැනසුම හාඩ්වෙයාර්, මයිල්ස්ටෝන් හාඩ්වෙයාර්, වීරවර්ධන හාඩ්වෙයාර්, අරුණ හාඩ්වෙයාර්, ESS හාඩ්වෙයාර්, ලියනගේ හාඩ්වෙයාර්, මීගමුව කම්බි සෙන්ටර් හාඩ්වෙයාර්, රණසිංහ හාඩ්වෙයාර්, St. Antony’s Hardware, චාරුකා හාඩ්වෙයාර්, UL Iron හාඩ්වෙයාර්, ජෙනරල් හාඩ්වෙයාර්, TNR හාඩ්වෙයාර් සහ සංජීව හාඩ්වෙයාර් ඇතුළත් විය. දිනය පුරා පැවති උණුසුම් තරගාවලිය අවසානයේ වජිර හාඩ්වෙයාර් කණ්ඩායම ගම්පහ දිස්ත්‍රික් ශූරතාව දිනාගත් අතර මීගමුව කම්බි සෙන්ටර් හාඩ්වෙයාර් කණ්ඩායම අනුශූරතාව හිමි කර ගත්තේය.

පෞද්ගලික දක්ෂතාද මෙහිදී ඇගැයීමට ලක් වූ අතර වජිර හාඩ්වෙයාර් කණ්ඩායමේ චෙරංග තරගාවලියේ දක්ෂම ක්‍රීඩකයා ලෙස නම් කෙරිණි. එම කණ්ඩායමේම නදුන් අවසන් තරගයේ දක්ෂතම ක්‍රීඩකයා සහ දක්ෂතම පන්දු යවන්නා ලෙස සම්මාන දිනාගත් අතර මීගමුව කම්බි සෙන්ටර් හාඩ්වෙයාර් කණ්ඩායමේ ජනක දක්ෂතම පිතිකරු ලෙසත්, දයාන් දක්ෂතම පන්දු රකින්නා ලෙසත් ඇගැයීමට ලක් විය. ගම්පහ දිස්ත්‍රික් තරගාවලිය මෙල්වා චැලෙන්ජ් ට්‍රොෆි 2026 තරග මාලාවේ පළමු අදියර වන අතර මීළඟ තරගාවලිය රත්නපුර දිස්ත්‍රික්කයේ පැවැත්වීමට නියමිතය. ඉන් අනතුරුව දිවයිනේ අනෙකුත් දිස්ත්‍රික්කවලද තරගාවලි පැවැත්වෙන අතර එක් එක් දිස්ත්‍රික් ශූර කණ්ඩායම් අවසන් තරගාවලියට සුදුසුකම් ලබමින් දිවයිනේ ශූරතාව සඳහා තරග වදිනු ඇත. 

මෙල්වා සමූහය මෙම තරගාවලිය සංවිධානය කරන්නේ දිවයින පුරා සිටින සිය අලෙවි නියෝජිතයන්, කොන්ත්‍රාත්කරුවන් සහ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වෘත්තිකයන් සමග ඇති සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණෙනි. ව්‍යාපාර සබඳතාවලින් ඔබ්බට ගොස් කණ්ඩායම් හැඟීම, ක්‍රීඩාශීලීත්වය සහ සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම මෙන්ම ශ්‍රී ලංකාවේ සංවර්ධනයට සුවිශේෂ දායකත්වයක් දෙන ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වෘත්තිකයන්ගේ කැපවීම ඇගැයීමද මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණකි. දිවයින පුරා දිස්ත්‍රික් මට්ටමින් මෙම තරගාවලිය පුළුල් කිරීමට සැලසුම් කර ඇති අතර මෙල්වා චැලෙන්ජ් ට්‍රොෆි ඉදිරියේදී ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රය එක් කරන ප්‍රමුඛ වාර්ෂික ක්‍රීඩා උළෙලක් බවට පත්වනු ඇතැයි අපේක්ෂා කෙරේ.



අදහස් (0)

මෙල්වා චැලෙන්ජ් ට්‍රොෆි 2026 දිවයින පුරා අරඹමින් ගම්පහ දිස්ත්‍රික් ශූරතාව සාර්ථකව නිමවේ

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site