IMG-LOGO

2026 පෙබරවාරි මස 03 වන අඟහරුවාදා


මුල්ලිකුලම් සුළං බලාගාරවලට වින්ඩ්ෆෝර්ස් සහ විදුල්ලංකාට CEB අනුමැතිය

  • මෙම ව්‍යාපෘති වසර 20ක මෙහෙයුම් කාලසීමාවක් සහිතව ඉදිකිරීම, අයිතිය දැරීම සහ ක්‍රියාත්මක කිරීමේ පදනම මත සිදු කෙරේ 

භානුක අමරසිංහ 

මෙගාවොට් 100ක (100MW) උත්පාදන ධාරිතාවක් සහිත මුල්ලිකුලම් සුළං බලාගාර උද්‍යානයේ පිහිටුවන 50MW බැගින් වූ සුළං විදුලි බලාගාර ව්‍යාපෘති දෙක ඉදිකිරීම සඳහා වන ලංකා විදුලි බල මණ්ඩලයේ (CEB)  නිල ලිපි පසුගියදා හිමි වූ බව වින්ඩ්ෆෝර්ස් සහ විදුල්ලංකා යන සමාගම් පවසයි. 

ඒ අනුව පසුගිය ජනවාරි 14 වැනිදා ලංකා විදුලිබල මණ්ඩලය අදාළ සමාගම් වෙත එම ලිපි ලබාදී තිබේ. 2025 ඔක්තෝබර් මාසයේදී යෝජනා කෙරුණු මෙම ව්‍යාපෘති සඳහා 2025 වසරේ දෙසැම්බර් මාසයේදී කැබිනට් මණ්ඩල අනුමැතියද හිමි වූ අතර, ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතියද ඒවාට හිමිව තිබේ. 

වසර 20ක මෙහෙයුම් කාලසීමාවක් සහිතව ඉදිකිරීම, අයිතිය දැරීම සහ ක්‍රියාත්මක කිරීම යන පදනම මත මෙම ව්‍යාපෘති  වින්ඩ්ෆෝර්ස් පීඑල්සී සහ විදුල්ලංකා පීඑල්සී යන සමාගම් වෙත පිරිනැමී තිබේ. මේ අතරින් විදුල්ලංකා පීඑල්සී සමාගම ඩේවිඩ් පීරිස් සමූහයත් සමගින් ඇති කරගත් හවුල්කාරීත්වයක් යටතේ මෙම ව්‍යාපෘතිය දියත් කරන බව පවසා සිටියි.

 



අදහස් (0)

මුල්ලිකුලම් සුළං බලාගාරවලට වින්ඩ්ෆෝර්ස් සහ විදුල්ලංකාට CEB අනුමැතිය

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site