විමුක්ති එස් රුද්‍රිගු
 ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබාගෙන වැඩිම මුදලක් නැවත එම අරමුදලට ගෙවීමට තිබෙන රටවල් අතර 13 වැනි ස්ථානය ශ්‍රී ලංකාවට හිමිව තිබේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබාගෙන වැඩිම මුදලක් නැවත එම අරමුදලට ගෙවීමට තිබෙන රටවල් අතර 13 වැනි ස්ථානය ශ්‍රී ලංකාවට හිමිව තිබේ.
ලෝකයේ රටවල් 86 ක් ඇමෙරිකානු ඩොලර් බිලියන 162ක පමණ මුදලක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගෙවීමට ඇති අතර එම රටවල් අතරින් ශ්‍රී ලංකාව 13 වැනි ස්ථානය හිමිව ඇත. ශ්‍රී ලංකාව වර්තමානය වනවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගෙවීමට ඇති මුදල ඇමෙරිකානු ඩොලර් බිලියන 2.3 කි.
එම ලැයිස්තුවේ ප්‍රථම ස්ථානය ආර්ජන්ටිනාවට හිමිව ඇති අතර ආර්ජන්ටිනාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගෙවීමට ඇති මුදල ඇමෙරිකානු ඩොලර් බිලියන 56.83 කි. එහි දෙවැනි ස්ථානය ඇමෙරිකානු ඩොලර් බිලියන 14.13 ක් ගෙවීමට ඇති යුක්රේනයත්, තෙවැනි ස්ථානය ඇමෙරිකානු ඩොලර් බිලියන 9.38 ක් ගෙවීමට ඇති ඊජිප්තුවත් හිමිකරගෙන ඇත.
ශ්‍රී ලංකාව ඉහළින් සිටින අනෙකුත් රටවල් නවය වන්නේ පාකිස්තානය, ඉක්වදෝරය, අයිවරි කෝස්ට්, කෙන්යාව, බංග්ලාදේශය, ඝානා, ඇන්ගෝලා, කොංගෝ සහ කොස්ට රිකාවය.
නය එම ලැයිස්තුවේ සිවු වැනි ස්ථානය හිමිකරගෙන සිටින අතර පකිස්තානය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගෙවීමට ඇති මුදල ඇමෙරිකානු ඩොලර් බිලියන 8.96 කි. බංග්ලාදේශය එම ලැයිස්තුවේ අටවැනි ස්ථානයේ පසුවන අතර බංග්ලාදේශය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගෙවීමට ඇති මුදල ඇමෙරිකානු ඩොලර් බිලියන 3.97 ක්වේ.
ඇමෙරිකාවේ වොෂිංටන් නුවර පදනම්ව පිහිටි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල 1944 වසරේ පිහිටවනු ලැබූ අතර වර්තමානය වනවිට සාමාජික රටවල් 191 ක් සිටී. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියනයක් දක්වා ණය දීමේ හැකියාව පවතී. පසුගිය වසරේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ණය ලබාදීම සඳහා මුදල් ලබාදෙන රටවල් 50 කට එම අරමුදල ඇමෙරිකානු ඩොලර් බිලියන 5 ක් පොලී ලෙස ගෙවා තිබිණි.
මූල්‍ය අරමුදලට වැඩිම ණය ගෙවීමට ඇති රටවල් අතර ලංකාව 13 වැනියා