IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


මිලේනියම් හවුසිං ඩිවලොපර්ස් කොටස් CSE ගනුදෙනු අත්හිටුවීම දෙසැම්බර් 31ට කල් දැමේ

භානුක අමරසිංහ
කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත දේපළ වෙළෙඳාම් කළමනාකරණ සහ සංවර්ධන සමාගමක් වන මිලේනියම් හවුසිං ඩිවලොපර්ස් පීඑල්සී සමාගමේ කොටස් එහි ගනුදෙනු කිරීම අත්හිටුවීමේ තීරණය ලබන දෙසැම්බර් 31 වැනිදා දක්වා කල් දැමීමට ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව සිය අනුමැතිය ලබා දී ඇතැයි එම සමාගම පවසයි. 
එම සමාගමේ කොටස් සම්බන්ධයෙන් මීට පෙර ගෙන තිබූ තීරණයකට අනුව එම කොටස් ගනුදෙනු අත්හිටුවීම සැප්තැම්බර් 01 වැනිදා සිදුකිරීමට නියමිතව තිබුණි. ඒ යටතේ 2023 දෙසැම්බර් 07 වැනිදා සිට එම සමාගම කොටස් හුවමාරුවේ watch list ලැයිස්තුවටද මාරු කෙරිණි. 2023 මාර්තු 31 වැනිදායින් අවසන් වූ මූල්‍ය වර්ෂය සඳහා වන ස්වාධීන විගණන වාර්තාවට අනුව මෙම තීරණයට හේතුව විය. එසේම 2024 මාර්තු 31 වැනිදා මෙන්ම 2025 මාර්තු 31 වැනිදා අවසන් වූ මූල්‍ය වර්ෂවලට අදාළ වාර්ෂික වාර්තා තුළ ද මෙම කාරණා මතුව තිබුණි. 
මීට පෙර සෙලින්කෝ ඩිවලොපර්ස් ලිමිටඩ් ලෙස හැඳින්වුණු මිලේනියම් හවුසිං ඩිවලොපර්ස් පීඑල්සී සමාගමේ වර්තමාන වැඩි කොටස් හිමිකාරීත්වය (සියයට 28.28ක්) නවලෝක සමූහයට අයත් Ceyoka (Pvt) Ltd වෙත හිමිව තිබේ. 



අදහස් (0)

මිලේනියම් හවුසිං ඩිවලොපර්ස් කොටස් CSE ගනුදෙනු අත්හිටුවීම දෙසැම්බර් 31ට කල් දැමේ

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site