IMG-LOGO

2026 අප්‍රේල් මස 29 වන බදාදා


මිලින්ද හේවාගම කිංග්ස්බරි අධ්‍යක්ෂ මණ්ඩලයට

හේලීස් සමූහයට අයත් කිංග්ස්බරි හෝටලයේ නව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස තුෂාර මිලින්ද හේවාගම මහතා පත් කරගත් බව සමාගම පවසයි. ඒ අනුව 2025 අප්‍රේල් 28 වැනිදා සිට බලාත්මක වන පරිදි ඒ මහතා සමාගමේ විධායක නොවන අධ්‍යක්ෂවරයකු ලෙස පත් කරගෙන තිබේ. 

මෙම පත්වීම ලබන අවස්ථාව වනවිට හේවාගම මහතා හේලීස් සමූහයෙහි ප්‍රධාන මූල්‍ය නිලධාරිවරයා ලෙසද කටයුතු කළේය. ඒ මහතා සමූහයෙහි මූල්‍ය සහ වාර්තාකරණය, පාරිසරික, සමාජයීය සහ පාලනය (ESG), බදු, අවදානම සහ සුරක්ෂිතතාව යන කාරණා සම්බන්ධයෙන් වගකීම් දැරූ නිලධාරියා බව සමාගම පවසයි.

 



අදහස් (0)

මිලින්ද හේවාගම කිංග්ස්බරි අධ්‍යක්ෂ මණ්ඩලයට

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site