×
Home
Home
උණුසුම් පුවත්
ප්‍රාදේශීය පුවත්
වීඩියෝ
විශේෂාංග
රටගිය ඇත්තෝ
ව්‍යාපාර
සෞඛ්‍ය
දේශපාලනය
සාහිත්‍යය
රසවින්දන
මැතිවරණ ප්‍රතිඵල
මහ මැතිවරණය 2024
ජනාධිපතිවරණය 2024
සිරිකත
තාක්ෂණය
දෙයියෝ සාක්කි
කාටූන්
කෙළිමඬල
ඉරිදා ලංකාදීප
2025 දෙසැම්බර් මස 17 වන බදාදා
Section
එසැණ පුවත්
වීඩියෝ
කෙළිමඬල
රසවින්දන
සිරිකත
මතුමහල
ව්‍යාපාර
දේශපාලන
මාලදිවයිනේ ආසන්ධා රක්ෂණ ක්‍රමයෙන් මෙරටට ගලා එන මුදල් පහළට
කතෘ මණ්ඩලය 2025 නොවැම්බර් මස 24
බැලුවෝ - {{hitsCtrl.values.hits}}
මෙරට රෝහල් තුළ ගාස්තු පිළිබඳ විනිවිදභාවයක් නොමැති විම හේතුවලු
භානුක අමරසිංහ
මාලදිවයිනේ ජනතාව වෙනුවෙන් එරට රජය මගින් ක්‍රියාත්මක කරන ආසන්ධා (Aasandha) සෞඛ්‍ය රක්ෂණ ක්‍රමවේදය හරහා ශ්‍රී ලංකාව වෙත ගලා එන මුදල් ප්‍රමාණය සාපේක්ෂව ඉතාමත් අඩු අගයක් ගන්නා බව වාර්තා වෙයි.
විශ්වීය රක්ෂණ ක්‍රමයක් ලෙස ක්‍රියාත්මක වන මෙම ක්‍රමවේදය හරහා මාලදිවයින් වැසියකුට විදෙස් රටකට ගොස් තමන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබා ගැනීමේ අවස්ථාව සලසා දී තිබේ.
මේ සම්බන්ධයෙන් ලංකාදීප FT වෙත අදහස් දැක් වූ මාලදිවයින් ශ්‍රී ලංකා ව්‍යාපාර කවුන්සිලයේ හිටපු සභාපති සුදේෂ් මෙන්ඩිස් මහතා, “අද වනවිට මෙම ආසාන්ධා රක්ෂණය මගින් වසරකට මාලදිවයින් රුපියල් බිලියන 4ක පමණ මුදලක් එරට ජනතාව වෙනුවෙන් වියදම් කරනවා. එය ආසන්න වශයෙන් ඩොලර් මිලියන 270ක්.”
එහෙක් ඉන් ලංකාවට මින් හිමි වන්නේ සියයට 4ක කොටසක් පමණක් බවත්, ඉන් වැඩි ප්‍රමාණය ගලා යන්නේ ඉන්දියාවට බවත් ඒ මහතා පවසයි.
“මෙරට ක්‍රියාත්මක ඇතැම් පෞද්ගලික රෝහල් සහ වෛද්‍යවරුන්ගේ ක්‍රියාකලාපය නිසා මෙම අවස්ථාව අපිට මඟහැරෙමින් පවතිනවා. එහි ප්‍රතිඵලය වෙන්නේ රෝහල් ගාස්තු සහ වෛද්‍ය ගාස්තු සඳහා ස්ථාවර මිලක් ඉදිරිපත් කරන ඉන්දියාව වෙත මෙම අවස්ථාව හිමිවීමයි.”
මෙම ආසන්ධා රක්ෂණ වැඩසටහනේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ අහ්මඩ් නාසිම් පසුගියදා මෙරටදී හමුවූ අවස්ථාවේදී මේ සම්බන්ධයෙන් වැඩි අවධානය යොමු වූ බවත් ඒ මහතා සඳහන් කරයි.
ආසන්ධා වැඩසටහනට අනුව ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ රෝහල් ගාස්තු සහ සේවාවල ගුණාත්මක බව එක සමාන වුවත්, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පවතින ප්‍රධානතම ගැටලුව වන්නේ විනිවිදභාවයකින් තොරවීම බව සඳහන් වෙයි. “රෝගීන්ට තමන්ගේ බිල ලැබෙන කම් දන්නේ නෑ තමන්ගේ අන්තිම ගාස්තුව කීයද කියලා, අනපේක්ෂිත වෛද්‍ය ගාස්තු ඊට හේතුවෙලා.“ මෙන්ඩිස් මහතා පවසයි. ඒ අනුව අද වන විට මෙය දරුණු ආර්ථික කරුණක් බවට පත්ව තිබෙන බවත්, මේ හරහා ශ්‍රීලංකාවට වාර්ෂිකව එක්සත් ජනපද ඩොලර් මිලියන 270ක පමණ මුදලක් අහිමිවන බවත් ඒ මහතා පෙන්වා දෙයි. “මෙය ශ්‍රී ලංකාව මාලදිවයිනත් සමගින් සිදු කරන අපනයනයේ ආදායම වන ජනපද ඩොලර් මිලියන 135 සහ මාලදිවයිනෙන් ලැබෙන විදේශ මුදල් ප්‍රේෂණ ආදායම වන ඩොලර් මිලියන 129 ත් අතර එකතුවටත් වඩා වැඩියි.“
කෙසේ වෙතත් මෙම කරුණු සම්බන්ධයෙන් රජය මෙතෙක් කිසිදු අවදානයක් යොමු නොකිරීම තේරුම් ගැනීමට අපහසුකරුණක් බවට පත්ව තිබෙන බවද හිටපු සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
අදහස් (0)
මාලදිවයිනේ ආසන්ධා රක්ෂණ ක්‍රමයෙන් මෙරටට ගලා එන මුදල් පහළට
ඔබේ අදහස් එවන්න
Reply To:
Sisira
-
cb chds hcdsh cdshcsdchdhd
Cancel
ඇතුලත් කරන්න
ව්‍යාපාරික විත්ති
Our Group Site
මාලදිවයිනේ ආසන්ධා රක්ෂණ ක්‍රමයෙන් මෙරටට ගලා එන මුදල් පහළට