×
Home
Home
උණුසුම් පුවත්
ප්‍රාදේශීය පුවත්
වීඩියෝ
විශේෂාංග
රටගිය ඇත්තෝ
ව්‍යාපාර
සෞඛ්‍ය
දේශපාලනය
සාහිත්‍යය
රසවින්දන
මැතිවරණ ප්‍රතිඵල
මහ මැතිවරණය 2024
ජනාධිපතිවරණය 2024
සිරිකත
තාක්ෂණය
දෙයියෝ සාක්කි
කාටූන්
කෙළිමඬල
ඉරිදා ලංකාදීප
2026 මැයි මස 14 වන බ්‍රහස්පතින්දා
Section
එසැණ පුවත්
වීඩියෝ
කෙළිමඬල
රසවින්දන
සිරිකත
මතුමහල
ව්‍යාපාර
දේශපාලන
මාර්තුවේ අලුත් කාර් ලියාපදිංචියෙන් සියයට 83.1ක් විදුලි වාහන
කතෘ මණ්ඩලය 2026 අප්‍රේල් මස 22
බැලුවෝ - {{hitsCtrl.values.hits}}
විදුලියෙන් ක්‍රියාත්මක
කාර් අතර පවතින මිල
තරගකාරීත්වය ඊට හේතුවයි
විදුලියෙන් ක්‍රියාත්මක SUV අතර
මිල තරගකාරීත්වයක් නොමැති
නිසා එහි පංගුව අඩුවෙලා
මාර්තුවේදී වාහන ලියාපදිංචිය
55,470 ක් දක්වා
සියයට 11.1 කින් ඉහළට
භානුක අමරසිංහ
මාර්තු මාසයේදී සිදුකළ අලුත් කාර් රථ ලියාපදිංචිය යටතේ සියයට 83.1ක්ම විදුලියෙන් ක්‍රියාත්මක කාර් රථ බව වාර්තා වෙයි. ඒ අතරින් වැඩිම ලියාපදිංචිය BYD Atto1 මාදිලියෙන් සිදුව තිබෙන අතර, BAW E7 මාදිලිය සඳහා වන ඉල්ලුමද ඉහළ ගොස් තිබේ.
මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ දත්ත අනුව HNB Stockbrokers ආයතනය මාර්තු මාසයේ මෝටර් රථ ලියාපදිංචිය සම්බන්ධයෙන් සකස් කළ වාර්තාවේ මේ පිළිබඳව සඳහන් වෙයි.
“මාර්තු මාසයේදී ලියාපදිංචි කළ අලුත් මෝටර් කාර් සංඛ්‍යාව 1,277 ක්. එය පෙබරවාරි මාසයට සාපේක්ෂව සියයට 177 ක වර්ධනයක්. මේ කාර් රථ අතරින් සියයට 83.1ක්ම විදුලියෙන් ක්‍රියාත්මක ඒවා.”
ඒ අනුව BYD රථ 785 ක් ලියාපදිංචි කෙරී ඇති අතර, එය පෙබරවාරි මාසයට සාපේක්ෂව සියයට 1470 ක වර්ධනයකි. එසේම BAW ලියාපදිංචිය ඒකක 173ක් ලෙසත් වාර්තා වී ඇත. ටොයොටා වාහන ලියාපදිංචිය ඒකක 126 ක් දක්වා සියයට 100ක වර්ධනයක් පෙන්නුම් කර ඇත.
“විදුලියෙන් ක්‍රියාත්මක කාර් රථ මාදිලි අතර පවතින මිල තරගකාරීත්වය මෙලෙස ලියාපදිංචියේ කැපී පෙනෙන ඉහළ යාමකට හේතුවෙලා තිබෙනවා.” HNB Stockbrokers පවසයි.
කෙසේ වෙතත් මාර්තු මාසයේ සිදු කෙරුණු අලුත් SUV රථ ලියාපදිංචිය යටතේ විදුලියෙන් ක්‍රියාත්මක SUV පංගුව සියයට 8 ක් ගෙන තිබේ. එහිදී ඉන්ධන දහන SUV පංගුව සියයට 76 ක් වන අතර, දෙමුහුන් SUV පංගුව සියයට 16 කි.
“විදුලියෙන් ක්‍රියාත්මක SUV මාදිලි අතර මිල තරගකාරීත්වයක් මෙතෙක් නොමැතිවීම, මේ විදියට ඉන්ධන දහන එන්ජින් සහිත SUV රථ වෙත සියයට 76.3 ක වෙළෙඳපොළ පංගුවක් හිමි කර දී තිබෙනවා.”
වාර්තාවට අනුව මාර්තු මාසයේදී අලුත් SUV ලියාපදිංචි කිරීම් 2,186 ක් සිදුව ඇති අතර, එය පෙබරවාරියට සාපේක්ෂව සියයට 1.3ක ඉහළ යාමකි. එහිදී සුසුකි Fronx සහ නිසාන් Magnite එම ලියාපදිංචියෙන් සියයට 47.8ක් හිමිකරගෙන තිබේ.
ඒ අනුව මෙම විදුලියෙන් ක්‍රියාත්මක SUV මාදිලි සඳහා මැදි වෙළෙඳපොළ අගයක් සහිත විකල්පයක් ඉදිරිපත් වුවහොත් මේ පරතරය යම් තරමකින් අඩු කිරීමට හැකියාව ලැබෙනු ඇතැයිද HNB Stockbrokers පවසයි.
මේ අතර මාර්තු මාසයේදී ලියාපදිංචි කෙරුණු අලුත් සහ භාවිත කළ මෝටර් රථ සංඛ්‍යාව 55,470ක් ලෙස සටහන්ව ඇති අතර, එය පෙබරවාරි මාසයට සාපේක්ෂව සියයට 11.1 ක වර්ධනයකි. ඒ අතරින් ඒකක 38,977 ක් යතුරුපැදි වන අතර, එය සියයට 15.7 ක වර්ධනයකි. කාර් සහ SUV ලියාපදිංචියත් සියයට 32.2 කින් ඉහළ නැග තිබේ.
අදහස් (0)
මාර්තුවේ අලුත් කාර් ලියාපදිංචියෙන් සියයට 83.1ක් විදුලි වාහන
ඔබේ අදහස් එවන්න
Reply To:
Sisira
-
cb chds hcdsh cdshcsdchdhd
Cancel
ඇතුලත් කරන්න
ව්‍යාපාරික විත්ති
Our Group Site
මාර්තුවේ අලුත් කාර් ලියාපදිංචියෙන් සියයට 83.1ක් විදුලි වාහන