2025 මාර්තු මාසයේදී මෙරට ජාතික තේ අලෙවියේ සාමාන්‍ය අගය කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 1,183.76ක් එනම් ඩොලර් 4.02ක් ලෙස සටහන්ව තිබේ. ඒ අනුව මෙය 2025 පෙබරවාරි මාසයේදී කිලෝග්‍රෑමයක් සඳහා වාර්තා කළ වටිනාකම හා සැසඳීමේදී රුපියල් 14.83ක එනම් ඩොලර් 0.06ක ඉහළ යාමක් බව ෆෝබ්ස් වෝකර් ටී බ්‍රෝකර්ස් සමාගම පවසයි.
කෙසේ වෙතත් මෙම වටිනාකම 2024 මාර්තු මාසයේදී වාර්තා කළ රුපියල් 1,296.48 එනම් ඩොලර් 4.27 හා සැසඳීමේදී රුපියල් 112.72ක් එනම් ඩොලර් 0.25ක අඩුවීමක් ලෙස සටහන්ව තිබේ.
එම සමාගමට අනුව 2025 මාර්තු මාසයේදී ඉහළ මට්ටමේ තේ වගාබිම් මගින් ලැබුණු ආදායමේ සාමාන්‍ය 2025 පෙබරවාරි මාසය හා සැසඳීමේදී රුපියල් 39.28 කින් එනම් ඩොලර් 0.14කින් ඉහළ ගොස් තිබේ. කෙසේ වෙතත් පසුගිය වසරේ මාර්තු මාසය හා සැසඳීමේදී එම මට්ටමේ තේ වගාබිම් මගින් ලැබුණු ආදායම රුපියල් 96.94කින් එනම් ඩොලර් ශත 20කින් පහත වැටී තිබේ.
එසේම මැදි මට්ටමේ තේ වගාබිම් මගින් 2025 මාර්තුවේදී ලැබුණු ආදායම 2025 පෙබරවාරිය හා සැසඳීමේදී රුපියල් 28.02 ක් එනම් ඩොලර් ශත 10ක ඉහළ යාමක් පෙන්නුම් කර ඇත.
මාර්තුවේදී තේ අලෙවියේ වටිනාකම් ඉහළට