IMG-LOGO

2025 ජුලි මස 24 වන බ්‍රහස්පතින්දා


මෙරට පිහිටි පාකිස්තාන බැංකු ශාඛා දෙකක ශ්‍රේණිය ඉහළ දමයි

භානුක අමරසිංහ 

ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ෆිච් රේටින්ග්ස් ආයතනය මෙරට ක්‍රියාත්මක පාකිස්තාන බැංකු ශාඛා දෙකක ජාතික දිගුකාලීන ශ්‍රේණිගත කිරීම් AA-(lka) මට්ටමේ සිට AA(lka) දක්වා ඉහළ නංවා ඇතැයි පවසයි. එසේම එම බැංකුවල පෙරදැක්ම ස්ථාවර බවත් එම ආයතනය සඳහන් කරයි. 

ඒ අනුව හබිබ් බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාව (MCB Bank Limited – Sri Lanka Branch (MCBSL) යන බැංකුවල ​ෙ‌ශ්‍ර්ණීගත කිරීම් මෙලෙස AA-(lka) මට්ටමේ සිට AA(lka) දක්වා ඉහළ නංවන බව එම ආයතනය පවසයි. 

එම බැංකු ශාඛාවල ණය ශ්‍රේණිගත කිරිම ඉහළ දැමීම ඒවායේ ප්‍රධාන බැංකු කාර්යාලවල ණය ශ්‍රේණිගත කිරීමේ වර්ධනය පිළිබිඹු කරන බවත් ෆිච් රේටින්ග්ස් ආයතනය සඳහන් කරයි. පසුගිය අප්‍රේල් වැනිදා ෆිච් රේටින්ග්ස් විසින් පාකිස්තානයේ දිගුකාලීන විදේශ මුදල් නිකුත් කිරීමේ ශ්‍රේණිගත කිරීම CCC+ මට්ටමේ සිට B- දක්වා ඉහළ දැමීමට පියවර ගෙන තිබේ. 

 



අදහස් (0)

මෙරට පිහිටි පාකිස්තාන බැංකු ශාඛා දෙකක ශ්‍රේණිය ඉහළ දමයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site