IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


මෙරට ආර්ථිකය යථා තත්වයට පත්වීම අඛණ්ඩව

 

  • ව්‍යාපාර විශ්වසනීය දර්ශකය පසුගිය අගෝස්තු මාසයේදී දර්ශකාංශ 192ක්
  • ලි මාසයේදී එය දර්ශකාංශ 190ක්
  • පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ සිට මෙම වසරේ අගෝස්තු මාසය දක්වා කාලයේදී වැඩිම අගයක් වාර්තා කර තිබුණේ නි මාසයේ

ඇමෙරිකානු තීරු බද්ද අඩු කිරීමේ සිට හේතු කිහිපයක් නිසාවෙන් පසුගිය මාසයේදී මෙරට ආර්ථික වර්ධනය ධනාත්මක විය. මේ වනවිට ආර්ථිකය නැවත යථා තත්වයට පත් කිරීමේ ගමන් මාර්ගයට පැමිණ සිටින අතර ඇතැම් පුරෝකථන පෙන්වා දී තිබුණේ මෙරට ආර්ථික අර්බුදයට පෙර මෙරට ආර්ථිකය තිබූ තත්වයට ලබන වසර වනවිට ශ්‍රී ලංකාවට පැමිණිය හැකි බවයි.

බ්ලූම්බර්ග් ආර්ථික විද්‍යා වාර්තාවක් පෙන්වා දී තිබුණේ බාහිර වෙළෙඳ බාධා පැවතියද, දේශීය ගම්‍යතාව හේතුවෙන්, මෙම වසර පුරා සහ ඉන් ඔබ්බට මෙරට ආර්ථිකය යථා තත්වයට පත්වීම අඛණ්ඩව සිදුවනු ඇති බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබා දී තිබෙන අරමුදල් වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී ලබාගෙන ඇති ප්‍රගතිය මැන බැලීම සඳහා සිදුකිරීමට නියමිත පස්වැනි සමාලෝචනයට පෙර රටේ ආර්ථිකය ස්ථාවර වී තිබෙන බව එම අරමුදල පිළිගැනීම මෙම ශුභවාදී හැඟීම ඇතිවීමට එක් හේතුවක් වී තිබේ. එහිදී ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය මගින් ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ප්‍රතිඵල ප්‍රශංසනීය බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කර තිබිණි.

එල්.එම්.ඩී. පෙපර් කියුබ් ව්‍යාපාර විශ්වසනීය දර්ශකය පසුගිය අගෝස්තු මාසයේදී දර්ශකාංශ 192ක් වූ අතර ජූලි මාසයේදී එය දර්ශකාංශ 190ක් විය. පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ සිට මෙම වසරේ අගෝස්තු මාසය දක්වා කාලයේදී වැඩිම අගයක් වාර්තා කර තිබුණේ ජූනි මාසයේ වන අතර එම මාසයේදී දර්ශකාංශ 210ක අගයක් වාර්තා කර තිබිණි.

මෙම වසරේ අගෝස්තු මාසයේ ව්‍යාපාර විශ්වසනීය දර්ශක අගය පසුගිය මාස 12 සාමාන්‍ය අගය වූ 177 ට වඩා ඉහළ අතර පසුගිය වසරේ අගෝස්තු මාසයේදී ව්‍යාපාර විශ්වසනීය දර්ශකයේ අගය 94 ක් විය. ව්‍යාපාර විශ්වසනීය දර්ශකය ආරම්භයේ සිට මේ දක්වා මධ්‍යස්ථ දර්ශකාංශ අගය 124 ක් වූ අතර එය පසුගිය අගෝස්තු මාසයේදී ඒකක 68 කින් පසුකර ඇත.



අදහස් (0)

මෙරට ආර්ථිකය යථා තත්වයට පත්වීම අඛණ්ඩව

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site