IMG-LOGO

2026 ජුලි මස 09 වන බ්‍රහස්පතින්දා


මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් කොටස් අතුරු බෙදීමකට සැරසෙයි

එක් කොටසක් තවත් කොටස් 200ක් ලෙස බෙදේ


භානුක අමරසිංහ


කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත මූල්‍ය සමාගමක් වන මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගම කොටස් අතුරු බෙදීමක් හරහා සිය කොටස් සංඛ්‍යාව ඉහළ නංවා ගැනීමට සූදානමින් සිටින බව පවසයි. ඒ අනුව දැනට නිකුත් කර ඇති සෑම සාමාන්‍ය කොටසක් සඳහාම අලු‍තින් කොටස් 200ක් නිකුත් කිරීම සැලසුම වී තිබේ. 
සමාගම මගින් අද වනවිට සාමාන්‍ය කොටස් 3,006,000ක් නිකුත් කර තිබෙන අතර, මෙම කොටස් අතුරු බෙදීමත් සමගින් එය සාමාන්‍ය කොටස් 601,200,000 ක් දක්වා ඉහළ යයි. කෙසේ වෙතත් මෙහිදී සමාගම නිකුත් කර ඇති කොටස් සංඛ්‍යාව ඉහළ ගියද සමාගමේ ප්‍රකාශිත ප්‍රාග්ධනයේ වෙනසක් සිදු නොවන බව සමාගම වැඩිදුරටත් පවසා සිටියි.
 මේ අතර යෝජිත කොටස් අතුරු බෙදීම සම්බන්ධයෙන් සමාගමේ කොටස් හිමිකරුවන්ගේ අනුමැතිය හිමිවිය යුතුව තිබෙන බවත් එය මීළග මහා සභා රැස්වීමේදී ලබා ගැනීමට නියමිත බවත් සමාගම සඳහන් කරයි.

 



අදහස් (0)

මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් කොටස් අතුරු බෙදීමකට සැරසෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site