IMG-LOGO

2025 ජුලි මස 28 වන සඳුදා


මැයි මාසයේදී තේ නිෂ්පාදනය කිලෝ මිලියන 25.37ක්

 

  • මුල් මාස පහේදී තේ නිෂ්පාදනය කිලෝ මිලියන 113.96ක් දක්වා සියයට 8.7 කින් ඉහළට 

භානුක අමරසිංහ

2025 වසරේ මැයි මාසයේදී මෙරට තේ නිෂ්පාදනය තේ කිලෝග්‍රෑම් මිලියන 25.37ක් ලෙස සටහන්ව තිබේ. මෙය පසුගිය වසරේ මැයි මාසයේදී වාර්තා කළ කිලෝග්‍රෑම් මිලියන 24.65ක තේ නිෂ්පාදනය හා සැසඳීමේදී සියයට 2.9ක වර්ධනයකි. 

මෙහිදී තේ වගා කරන සියලු‍ම බිම් මට්ටම්වල තේ නිෂ්පාදන පසුගිය වසරේ මැයි මාසය හා සැසඳීමේදී ඉහළ යාමක් පෙන්නුම් කර තිබේ. 
 
කෙසේ වෙතත් 2025 මැයි මාසයේදී වාර්තා කළ මෙම තේ නිෂ්පාදනය 2023 මැයි මාසයේදී වාර්තා කළ කිලෝග්‍රෑම් මිලියන 26.83 හා සැසඳීමේදී සියයට 5.4ක අඩුවීමක් ලෙස සැලකෙයි. 
 
මේ අතර 2025 වසරේ මුල් මාස පහේදී මෙරට සමස්ත තේ නිෂ්පාදනය තේ කිලෝග්‍රෑම් මිලියන 113.96ක් ලෙස වාර්තා වී ඇති අතර, එය පසුගිය වසරේ එම කාලසීමාවේදී වාර්තා වූ තේ කිලෝග්‍රෑම් මිලියන 104.80 හා සැසඳීමේදී සියයට 8.7ක වර්ධනයකි.



අදහස් (0)

මැයි මාසයේදී තේ නිෂ්පාදනය කිලෝ මිලියන 25.37ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site