IMG-LOGO

2025 ජුලි මස 27 වන ඉරිදා


මැයි මාසයේදී කොළඹ අවධමනය තවත් අඩු වෙයි


භානුක අමරසිංහ 


මේ වසරේ මැයි මාසයේදී කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන අවධමනය සියයට 0.7ක අගයක් ගත් බව මහ බැංකුව පවසයි. ඒ අනුව මෙය අප්‍රේල් මාසයේදී වාර්තා කළ සියයට 2.0 ක මතුපිට අවධමනයට සාපේක්ෂව යම් අඩුවීමක් පෙන්නුම් කර තිබේ. 

මෙහිදී වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත මනින ආහාර නොවන කාණ්ඩයෙහි අවධමනය, අප්‍රේල් මාසයේදී වාර්තා වූ සියයට 3.6 සිට මැයි මාසයේදී සියයට 3.3ක් දක්වා තවදුරටත් පහළ ගොස් තිබේ. කෙසේ වෙතත් ආහාර කාණ්ඩයෙහි උද්ධමනය අප්‍රේල් මාසයේදී වාර්තා වූ සියයට 1.3 සිට මැයි මාසයේදී සියයට 5.3ක් දක්වා ඉහළ ගොස් තිබේ. 

අප්‍රේල් හා සැසඳීමේදී මැයි මාසයේදී සෞඛ්‍ය, අධ්‍යාපන, ආහාර හා මද්‍යසාර නොවන පාන වර්ග, රෙදිපිළි සහ පාවහන්. මධ්‍යසාර සහ දුම්කොළ, විවිධ භාණ්ඩ හා සේවා, විනෝදාත්මක සහ සංස්කෘතික, ආපනශාලා සහ හෝටල්, සන්නිවේදන, ගෘහ භාණ්ඩ, ගෘහ උපකරණ සහ ගෘහ ඒකක නඩත්තුව යන අංශවල උද්ධමනය ඉහළ ගොස් තිබේ. මේ වසරේ ජනවාරි මාසයේදී කොළඹ අවධමනය සියයට 4.0ක් ලෙස සටහන් විය. එසේම පෙබරවාරියේදී සහ මාර්තුවේදී එය පිළිවෙළින් සියයට 4.2ක් සහ 2.6ක් ලෙසත් සටහන් විය. පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ සිටම මෙම අවධමන තත්වය පවතී. 

 



අදහස් (0)

මැයි මාසයේදී කොළඹ අවධමනය තවත් අඩු වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site