×
Home
Home
උණුසුම් පුවත්
ප්‍රාදේශීය පුවත්
වීඩියෝ
විශේෂාංග
රටගිය ඇත්තෝ
ව්‍යාපාර
සෞඛ්‍ය
දේශපාලනය
සාහිත්‍යය
රසවින්දන
මැතිවරණ ප්‍රතිඵල
මහ මැතිවරණය 2024
ජනාධිපතිවරණය 2024
සිරිකත
තාක්ෂණය
දෙයියෝ සාක්කි
කාටූන්
කෙළිමඬල
ඉරිදා ලංකාදීප
2026 මැයි මස 20 වන බදාදා
Section
එසැණ පුවත්
වීඩියෝ
කෙළිමඬල
රසවින්දන
සිරිකත
මතුමහල
ව්‍යාපාර
දේශපාලන
මධ්‍යගත රක්ෂණ දත්ත ගබඩා පද්ධතියක් එළිදැක්වෙයි
කතෘ මණ්ඩලය 2026 අප්‍රේල් මස 22
බැලුවෝ - {{hitsCtrl.values.hits}}
2030 දී දළ ජාතික නිෂ්පාදනයෙන් රක්ෂණයේ ප්‍රතිශතය සියයට 2ක වඩා ඉහළ නංවාගැනීමට සැලසුම්
භානුක අමරසිංහ
ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව සහ ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශය එක්ව මෝටර් රථ රක්ෂණය සඳහා සකස් කළ මධ්‍යගත රක්ෂණ දත්ත ගබඩා පද්ධතිය නිල වශයෙන් එළිදැක්වීම ඊයේ (21) කොළඹදී සිදු විය.
එම කොමිෂන් සභාව සහ ශ්‍රී ලංකා රක්ෂණකරුවන්ගේ සංගමය එක්ව ඉදිරිපත් කළ ශ්‍රී ලංකාවේ රක්ෂණ දැක්ම 2030 සහ 2035 වැඩසටහනට සමගාමීව මෙම කටයුතු සිදු කෙරිණි.
විශේෂයෙන්ම මෙරට සෑම පුරවැසියකුටම වඩාත් විශ්වාසදායී, විනිවිදභාවයෙන් යුතු සහ පහසුවෙන් ලබාගත හැකි රක්ෂණ පහසුකමක් පිරිනැමීමේ සිය කොමිෂන් සභාවේ උත්සාහයේ මූලික අවස්ථාවක් ලෙස මෙම පද්ධතිය හඳුන්වා දිය හැකි බව එහි සභාපති ආචාර්ය ඩබ්ලිව්. ඒ. රවීන්ද්‍ර මෙල් මහතා සඳහන් කළේය.
“ලංකාව තුළ මීට පෙර රක්ෂණය සම්බන්ධ දත්ත පද්ධතියක් තිබුණේ නෑ. මාස නවයක් පුරා සිදුකළ සාකච්ඡාවක ප්‍රතිඵල විදියට මෝටර් රථ රක්ෂණය සඳහා වන ඩිජිටල් දත්ත පද්ධතියක් හඳුන්වා දෙන්න අපිට හැකි වෙලා තිබෙනවා. මෙය රජයේ ඩිජිටල් වැඩපිළිවෙළ සමගින් සිදු කරන කටයුත්තක්. මේ තොරතුරු රක්ෂණ ක්ෂේත්‍රයට, පර්‌යේෂකයන්ට, ජාත්‍යන්තර ප්‍රජාවට, විශේෂයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ලබා ගන්න පුළුවන්.“
ඉදිරියේදී මෙම පද්ධතිය සාමාන්‍ය රක්ෂණ සඳහා මෙන්ම ජීවිත රක්ෂණ වෙතද හඳුන්වාදීමට ඇති හැකියාව සම්බන්ධයෙන්ද අධ්‍යයනය කරන බවත් සභාපතිවරයා සඳහන් කළේය. මේ හරහා රක්ෂණ ක්ෂේත්‍රය තුළ විනය ඇති කිරීම අපේක්ෂාව බවත් ඒ මහතා පවසා සිටියේය.
මෙහිදී අදහස් දැක් වූ ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයේ අධ්‍යක්ෂ/සාමාන්‍යාධිකාරී පුෂ්පික ජයසුන්දර මහතා, “මෙතෙක් කලක් මේ දත්ත පැවතුනේ අදාළ රක්ෂණ සමාගම් යටතේ. ඒත් මේ දත්ත ඔවුන්ගේ වත්කමක් නෙවෙයි. අද දත්ත කියන්නේ හැමගේම යහපත වෙනුවෙන් හුවමාරු කරගත යුතු වත්කමක්. දත්ත ආරක්ෂණ පනත හරහා ඊට ආරක්ෂාවක් සැපයෙනවා.“
මෙම රක්ෂණ දත්ත පද්ධතිය හරහා ඉක්මන් දත්ත පාදක තීරණ ගැනීම, සිදුවන රක්ෂණ වංචා එම මොහොතේම වැළැක්වීම, අවදානම පිළිබඳව තනි වෙළෙඳපොළ දැක්මකින් කටයුතු කිරීමට හැකිවීම සහ රක්ෂණ කර්මාන්තයේ දියුණුව සඳහා වන පදනමක් ලෙස යොදා ගැනීම කළ හැකි බවද ජයසුන්දර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
මෙහිදී අදහස් දැක් වූ ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් දමයන්ති ප්‍රනාන්දු මහත්මිය, මෙලෙස දියත් කෙරුණු ශ්‍රී ලංකාවේ රක්ෂණ දැක්ම 2030 සහ 2035 වැඩසටහන මගින් දැනට දළ ජාතික නිෂ්පාදිතයෙන් සියයට 1කටත් වඩා අඩු ප්‍රතිශතයක් ගන්නා රක්ෂණය, වසර 2030 වන විට සියයට 2කට වැඩි මට්ටමකට පත් කිරිමත් 2035 වන වන විට එය අද මෙන් තුන් ගුණයක් බවට පත් කරගැනීමත් අරමුණ බව සඳහන් කළාය.
ඡායාරූප : ප්‍රදීප් පතිරණ
අදහස් (0)
මධ්‍යගත රක්ෂණ දත්ත ගබඩා පද්ධතියක් එළිදැක්වෙයි
ඔබේ අදහස් එවන්න
Reply To:
Sisira
-
cb chds hcdsh cdshcsdchdhd
Cancel
ඇතුලත් කරන්න
ව්‍යාපාරික විත්ති
Our Group Site
මධ්‍යගත රක්ෂණ දත්ත ගබඩා පද්ධතියක් එළිදැක්වෙයි