IMG-LOGO

2026 පෙබරවාරි මස 05 වන බ්‍රහස්පතින්දා


මාදු ගඟේ පාවෙන අලෙවි සල අද විවෘත කෙරේ

කරන්දෙණිය එම්. සුසිල් පියන්ත


බලපිටිය මාදු සම්පත ස්වයං ව්‍යවාසක එකමුතුව විසින් ස්ථාපිත කරන ලද මාදු ගඟේ පාවෙන අලෙවි සල විවෘත කිරීම එම එකමුතුවේ අධීක්ෂණ නිලධාරී දුමිදු ජනක මහතාගේ සම්බන්ධීකරණයෙන් බලපිටිය ප්‍රාදේශීය ලේකම් මාලක ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 8.30 ට බලපිටිය ගොඩගෙදර මාදු ගඟ තොටුපොළේදී සිදුකෙරේ.
අඟු‍ල් දෙකක් ආධාරයෙන් නිමවා ඇති මේ අලෙවි සලේ අලෙවි කිරීමට තිබෙනුයේ බලපිටියේ කතුන්ගේ දෑතින් නිර්මාණය කෙරුණු පරිසර හිතකාමී අත්කම් සහ විසිතුරු නිර්මාණයි.
මාදු ගඟේ සංචාරයේ යෙදෙන දෙස් විදෙස් සංචාරකයන් සඳහා මේ පාවෙන අලෙවි සල ස්ථාපිත කළ බව මාදු ගඟ සම්පත ස්වයං වයවසායකයන්ගේ එකමුතුවේ අධීක්ෂණ නිලධාරී දුමිදු ජනක මහතා කීවේය.
මේ පාවෙන අලෙවි සල මාදු ගඟේ විවෘත කිරීමේ ප්‍රධානතම අරමුණ මාදු ගඟේ සංචාරක ව්‍යාපාරය ව්‍යාප්ත කිරීමත්, රැකියා විරහිත කතුන්ට රැකියා උත්පාදනය කිරීමත් බව දුමිදු ජනක මහතා කීය.
දෙස් විදෙස් සංචාරකයන් සඳහා මෙවැනි පාවෙන අලෙවි සලක් මාදු ගඟේ විවෘත වන පළමු අවස්ථාව මෙය බව ද දුමිදු මහතා කීවේය.



අදහස් (0)

මාදු ගඟේ පාවෙන අලෙවි සල අද විවෘත කෙරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site