IMG-LOGO

2026 සැප්තැම්බර් මස 01 වන අඟහරුවාදා


මාදු ගඟේ ආදායම් උත්පාදන ව්‍යාපෘතියක් ලෙස විද්‍යුත් බෝට්ටු සේවාවක්

කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත සහ බලපිටිය එස්.ඒ.වයි. ද සිල්වා


මාදු ගඟේ සුන්දර පරිසරය ආරක්ෂා කර ගනිමින් එය ආදායම් උත්පාදන ව්‍යාපෘතියක් ලෙස විද්‍යුත් බෝට්ටු සේවාවක්, සංචාරක අවන්හලක් හා සංචාරක නැරඹුම් මධ්‍යස්ථානයක් සහිත තිරසාර සංචාරක සේවා මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමේ සමාරම්භක අවස්ථාව ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී නීතිඥ හසාරා ලියනගේ මහත්මිය සහ බළපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති අනුරුද්ධ මහවැලි මහතාගේ ප්‍රධානත්වයෙන් බළපිටිය ගොඩගෙදර තොටුපොළේදී පැවැත්විණි.
මේ ව්‍යාපෘතියට රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයෙන් සහ බලපිටිය ප්‍රාදේශීය අරමුදල මගින් අවශ්‍ය මුදල් සපයා ගනු ලබයි.
එහිදී ප්‍රතිපාදිත පළාත් පාලන ආයතනවල ආදායම් උත්පාදන ව්‍යාපෘති සඳහා කාර්ය සාධනය මත පදනම් වූ ප්‍රාග්ධන ප්‍රදාන ලබාදීම යටතේ රුපියල් මිලියන තිහක මුදලක් රජයෙන් ලබාදෙන අතර, ප්‍රාදේශීය සභා අරමුදලින් රුපියල් මිලියන දහයක මුදලක් මේ සඳහා වැයකිරීමට අපේක්ෂිත බව බලපිටිය ප්‍රාදේශීය සභාව කියයි.
මේ ව්‍යාපෘතියේ පළමු අධියර යටතේ රුපියල් මිලියන පහළොවක් වැය කරන බවත්, අවුරුදු දෙකකින් පසු වැයකරන රුපියල් මිලියන හතළිහක මුදල මේ මගින් උපයා නැවත රජයට බාරදීම මූලික අරමුණ බව ප්‍රාදේශීය සභාවේ සභාපති අනුරුද්ධ මහවැලි මහතා කීය.
මේ නවමු ව්‍යාපෘතියේ සමාරම්භක අවස්ථාවට බළපිටිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් වන අදීෂ සම්පත්, තිළිණ මැන්දිස්, නදීර රුවන්පුර, තරංගා දර්ශනී අපොන්සු, ප්‍රාදේශීය සභාවේ ලේකම් සුරංගි දේශප්‍රිය යන මහත්ම මහත්මීහු සහභාගි වූහ.



අදහස් (0)

මාදු ගඟේ ආදායම් උත්පාදන ව්‍යාපෘතියක් ලෙස විද්‍යුත් බෝට්ටු සේවාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site