IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


මුදල් ව්‍යාපාර පනතේ සංශෝධන: මහජන අදහස් විමසිමක්

2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත සංශෝධනය කිරිමට ශ්‍රී ලංකා මහ බැංකුව යෝජනා කර ඇතැයි පවසයි. ඒ අනුව ඊට අදාළව මහජන අදහස් විමසීමක් සිදු කිරිමටද මහ බැංකුව පියවර ගෙන තිබේ.

මුදල් සමාගම් නියාමනය සහ අධීක්ෂණය ශක්තිමත් කිරිම, අනවසර මුදල් ව්‍යාපාර විමර්ශනය කිරීම සහ නඩු පැවරීම, ශක්‍ය නොවන මුදල් සමාගම් නිරාකරණය සහ ගණන් බේරා වසා දැමීම යන අවශ්‍යතා හඳුනාගනිමින් මෙම යෝජනාව ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව අදාළ සංශෝධන පිළිබඳව නිරීක්ෂණ/ අදහස්/ යෝජනා ඉදිරිපත් කරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාව වෙත ආරාධනා කර සිටියි. එහිදී “මුදල් ව්‍යාපාර පනතට යෝජිත සංශෝධන පිළිබඳ නිරීක්ෂණ/ අදහස්/ යෝජනා” යන උද්ධෘතය යටතේ 2025 නොවැම්බර් 30 වැනිදාට පෙර තැපැල්, ෆැක්ස් හෝ ඊ-මේල් හරහා මෙම යෝජනා ඉදිරිපත් කළ හැකිය. 

එහිදී තැපැල් ලිපිනය ලෙස අධ්‍යක්ෂ, බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා මහ බැංකුව, අංක 30, ජනාධිපති මාවත කොළඹ 01 යන්නයි. එසේම ෆැක්ස් අංකය 011-2477738 යන්නයි. ඊ-මේල් ලිපිනය [email protected]  යන්නයි.

මිට අමතරව ශ්‍රී ලංකා මහ බැංකුවේ https://www.cbsl.gov.lk/en/consultation-papers-for-public-comments  වෙත පිවිසීමෙන්ද මහජනතාවට මෙම කෙටුම්පත් සංශෝධන වෙත ප්‍රවේශ විය හැකි බවත් මහ බැංකුව දැනුම් දෙයි.



අදහස් (0)

මුදල් ව්‍යාපාර පනතේ සංශෝධන: මහජන අදහස් විමසිමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site