මාතලේ මහේෂ් කිර්තිරත්න
මාතලේ දිස්ත්‍රික්කය හා මහනුවර දිස්ත්‍රික්කය මුල් කරගත් පූජනීය නගර ජගත් උරුමය වන මහනුවර ශ්‍රී දළදා මාලිගාව මුල්කරගෙන මහනුවර නගරයත් ශ්‍රී ලංකා රාජධානි යුගයේ අද්විතීය රාජධානි නිර්මාණයක් වන සීගිරියත් ජගත් උරුමයක් වන මධ්‍යම කඳුකරයේ දුම්බර රක්ෂිත වනාන්තරයත් යා කරනු කරනු ලබන සංචාරක ත්‍රිකෝණයක් ස්ථාපනය සඳහා වන යෝජනාව “ජගත් උරුම සංචාරක කලාපයක්” ලෙසට සංවර්ධනය කිරීමට යෝජනා කරන බව ග්‍රාම අභිවෘද්ධි පරිසර සංරක්ෂණ පදනමේ අධ්‍යක්ෂ ගාමිණී ජයතිස්ස මහතා පෙන්වා දෙයි.
මෙම යෝජනාවේ මහනුවර නගරය කේන්ද්‍ර කරගත් ශ්‍රී ලාංකීය රාජධානි සමයේ අවසන් රජ පරපුර නියෝජනය කළ සෙංකඩගල නුවර ශ්‍රී දළදා මාලිගාව මුල්කරගත්කරගත් පූජනීය නගරය මෙන්ම අවසන් රජ පරපුර භාවිතයට ගත් ගොඩනැගිලි, වනවියන්, ආශ්‍රිතවු රජ මාලිගය පරිවාරක දේපළ සංකීර්ණ, මඟුල්මඩුව, බිසෝවරුන්ගේ ස්නාන ගෘහය,රජ පිහිල්ල දුනු මඬලාව සංරක්ෂිත වනාන්තරය, උඩවත්ත කැලේ මෙන්ම මහවැලි ගංඟාශ්‍රිත ලේවැල්ල, ගන්නෝරුව වැනි ජාතික ආරක්ෂක මර්මස්ථාන මෙන්ම හෙළ සටන් බිම් මෙන්ම අධිරාජ්‍යවාදීන්ගේ ගෘහ නිර්මාණ. ඔවුන්ගේ ආගමික ව්‍යාප්ත කටයුතු සඳහා අංපිටිය මිසම හා ඒ සම්බන්ධ සංචාරක අවස්ථාද මෙහි මහනුවර අංග ලෙස හඳුනාගත හැකිය
මාතලේ නගරය ආශ්‍රිතව මුත්තු මාරි අම්මන් කෝවිල වසර දෙසීයක දමිළ ජනතාව ලංකාවේ වැවිලි කම්කරුවන් ලෙසට ඉන්දියානු වැවිලි කම්කරුවන්ගේ ආගමනයෙන් පසු ලෝකයේ අංක එක තේරු උත්සවය වේල් පෙරහර ලෙසට සන්නාමය වී ඇති මාතලේ තේරු උත්සවයත් ලොව උසින්ම පිහිටි හින්දු දේවස්ථානය ලෙසටද සන්නාමය වී ඇති කෝවිලත් මාතලේ දොඩන්දෙණිය පුරාණ ඇඹිල්ල විහාරයත් තල් ගහගොඩ ලෙන් විහාරයත් ශ්‍රී ලංකාවේ බිතු සිතුවම් අතරින් ශ්‍රි ලංකාවේ ප්‍රමුඛ ස්ථානයක් ගන්නා බිතුසිතුවම්වලට හිමිකම් කියන විහාරස්ථාන දෙකකි මෙම විහාරස්ථාන දෙක නුවර යුගයේ බිතු සිතුවම්වල සුවිශේෂී ස්ථානයට හිමිකම් කියනු ලබයි. පඬිවට අම්බලම හා ඒ හා සබැඳි සෙල්ලිපිය ශ්‍රී ලාංකික ජල කළමනාකරණය යල් පොත මාස්පත යන වැවිලි සංකල්පය හඳුන්වා දුන් ස්ථානයයි. 1803 වසරේ ඉදිකරනු ලැබූ මැක්ඩොවල් බලකොටුවත් ජාතික කුළුබඩු උයනක් මාතලේ නගරය ආශ්‍රිත වූ සංචාරක ආකර්ෂණය සඳහා වන වසර 140ක දුම්රිය ප්‍රවාහන පද්ධතියත් සංචාරක ආකර්ෂණයේ සුවිශේෂ අංගයකි.
ශ්‍රී ලාංකික ශිලා ලේඛනයන් අභිබවනය කර තල් කොළේ ග්‍රන්ථාරූඪ කිරීම සිදුකළ මාතලේ අළුළෙන් විහාරය හා ශ්‍රී ලංකාවේ ප්‍රථම ධර්ම සංගායනාව හා බැඳුණු පුරාවෘත්ත සහ ලෙන් විහාර සංකීර්ණය “අළු විහාරයේ උරුම උද්‍යානය” ලෙසට සංචාරක ආකර්ෂණය සහිත මෙම ලෙන්සංකීර්ණ සහිත බුද්ධර්ශනය. විවේකීව, හා ආධ්‍යාත්මිකව මානසික සංවර්ධනය සඳහා පෙත්මං ලෙන් සහිත විවේකස්ථාන භාවනා වැඩසටහන් මෙන්ම අධ්‍යාත්මික පහසුකම් සඳහා වන අධ්‍යයන මධ්‍යස්ථානයක් ලෙසට ආගමික අධ්‍යාපනික සංස්කෘතික සංචාරක කලාපයක් ලෙසට සංවර්ධනය කළ හැකිය. මාතලේ දිස්ත්‍රික්කයේ සංචාරක සංවර්ධනයේදී නවමු අත්දැකීමක් ලබාගත හැකි භූගර්භ සංචාරක කලාපයක් ලෙසට නාලන්ද බෝවතැන්න ජලාශයට යාබද උඩගම ප්‍රදේශයේ පිහිටා ඇති “ලුණු ගුහා සංකීර්ණය” සංචාරක කටයුතු සඳහා සංවර්ධනය කර ගැනීමෙන් දේශීය විදේශීය සංචාරකයන්ගේ ආකර්ෂණීය ප්‍රදේශයක් ලෙසට මෙම ප්‍රදේශය හඳුනාගත හැකිය. ලංකාවේ මධ්‍ය ලක්ෂයද මෙහි පිහිටා තිබීම හා නාලන්ද හා බෝවැන්න ජලාශයට මැදිව තිබීමත් මෙම ප්‍රදේශය ආශ්‍රිතව පුරාණ අවුදැල්ල අමුණ නාලන්ද ගෙඩිගේ පිහිටා තිබීමද සංචාරක ආකර්ෂණයේ සුවිශේෂ අවස්ථාවකි.
දඹුල්ල ලෙන් විහාර සංකීර්ණයක් සිගිරිය රාජධානියත් ආශ්‍රිත දැනට වර්ධනය වී ඇති සංචාරක ව්‍යාපරය සංවර්ධනයට “සීගිරි සතිය” නමින් AI තාක්ෂණය උපයෝගී කරගෙන සීගිරි කතා පුවත ප්‍රදර්ශනය සීගිරිය පිළිබඳව දේශීය නර්තන කලාව උපයෝගී කරගත් විවිධ ප්‍රසංගයක් පැවැත්වීම ප්‍රදේශයේ ප්‍රචලිත හෝටල් සහ ප්‍රදේශවාසීන්ගේ සහභාගිත්වයෙන් ආහාර උත්සවයක් ඇතුළු ප්‍රාසාංගික අවස්ථාවක් උදාකර ගැනීමෙන් මාතලේ දිස්ත්‍රික්කයේ ඇති සංචාරක ආකර්ෂණ කලාප පිළිබඳ විශේෂ ප්‍රචාරාත්මක ප්‍රවර්ධන වැඩසටහනක් සංවිධානය කිරීම මෙම උත්සවයේ මුඛ්‍ය පරමාර්ථය කර ගත යුතුය.
විශේෂ සංචාරක ආකර්ෂණයක් නොවන සීගිරියේ සිට වෑවල ඇරාවුල, නිකවටවන හරහා රිදී බැඳි ඇල්ල මාර්ගයට නව සංචාරක පිවිසුමක් ලෙසට හඳුනාගෙන ඒ තුළින් පුරාණ වෑවල වැව වැයවල රක්ෂිතයෙන් ඇලහැර යෝද ඇළ දෙසට ඇති රජ කාලේ කරනු ලැබූ වන වගා භූමියක් ඇරෑවල වැව හා ඒ තුළ ඇති රක්ෂිත කඳු භූමියක් පෞද්ගලික ව්‍යවසායකයකින් පවත්වාගෙන යනු ලබන සර්ප ගොවිපොළ සංචාරක කර්මාන්තයට නව අංගයක් ලෙසට හඳුනා ගත හැකිය.
රිදී බැඳි ඇල්ල මාර්ගයේ බකමූණ හරහා කුමාරගල පුරාවිද්‍යා රක්ෂිතය මෙන්ම යකඩ මනමාලි නිර්මාණ ශිල්පියාද දිය බුබුල ඛනිජ උල්පත් සංකීර්ණයත් ඇලහැර යෝද ඇළ වාරි ඇළ සංකීර්ණය විශිෂ්ට සංචාරක අවස්ථාවකි.
මෙම මාර්ගයේ හත්තොට අමුණ කිරිඔය මාඔය ප්‍රදේශය මාතලේ දිස්ත්‍රික්කයේ මැණික් ඛනිජ කැණීම මුල් කරගත් මැණික් ආශ්‍රිත සංචාරක කලාපයක් ලෙසට සංවර්ධනය කිරීම වඩාත් යෝග්‍ය වන අතර මැණික් කර්මාන්තය හා බැඳුණු සම්ප්‍රදායික මෙන්ම තාක්ෂණික කැණීම් කටයුතු මැණික් ඔප දැමීම මෙන්ම මැණික් වෙන්දේසි පොළක් නිර්මාණය කිරීම මෙන්ම මැණික් ආශ්‍රිත කෞතුකාගාරයක් සංචාරක ආකර්ෂණය පාදකව මෙම ප්‍රදේශය සංවර්ධනය කිරීමෙන් විශේෂිත සංචාරක ආකර්ෂණයක් ලබාගත හැකිව ඇත. මෙම ප්‍රදේශය මැණික් ආශ්‍රිත සංචාර කලාපයක් ලෙසට නම් කළ හැකිය.
මා ඔය කිරිඔය වස්ගමුව ජාතික වනෝද්‍යානයේ නව පිවිසුමෙන් වනෝද්‍යානයේ සුදු කන්ද ආශ්‍රිත භුදර්ශනය නැරඹීම මෙන්ම වලසුන්ගේ නිකේතන ප්‍රදේශය මෙම නව පිවිසුම් මාර්ගය තුළ පිහිටා තිබීමෙන් වස්ගමුව ජාතික වනෝද්‍යානයේ මෙතෙක් කලක් සංචාරකයන්ගේ වැඩි අවධානයකට යොමු නොවී තිබූ ප්‍රදේශයක් තුළ සංචාරක අවස්ථා සැලසේ.
ලග්ගල උඩිසියපත්තුව තුළ වර්තමානයේ පවතින සංචාරක සේවා සැපයුම් ජාලය විධිමත් කිරීම හා ඒ තුළ “දුම්බර වනපෙත ජාතියේ ජෛව සංස්කෘතික උරුමය”යන තේමාව ඔස්සේ කටයුතු කිරීම වඩාත් යෝග්‍ය වන්නේය. වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව සමග මෙම ප්‍රදේශයේ පවතින සේරැල්ල, පතනය ඇල්ල දූවිලිඅැල්ල මාණිගල සුදු කළ කබරගල යන පෙත්මන් හා මාර්ගෝපදේශන කළමනාකරණය සඳහා කටයුතු කිරීම හා මෙම කලාපය සංචාරක කටයුතු පාදකව කසළ උත්පාදනයෙන් තොර පරිසරහිතකාමී කාබනික ගොවිතැන වැනි හරිතමය සංචාරක අවස්ථා සඳහා යොමු කළ හැකිය.
රිවස්ටන් කඳු මුදුන කිරිමැටියේ කන්ද සන්නිවේදන සම්ප්‍රේෂණ කුලුනු සංකීර්ණ දුරකථන සන්නිවේදනය කෞතුකාගාරයක් ලෙසට නම්කර එහි සන්නිවේදන සංකීර්ණය තුළ සංචාරක අවස්ථා වර්ධනය කළ හැකිය. එමෙන්ම පළමු හා දෙවැනි ලෝක යුද්ධ සමය ඉදිකළ මෙම සන්නිවේදන සංකීර්ණය දේශීය හා විදේශීය සංචාරක ආකර්ෂණීය අංගයක් ලෙසට සංවර්ධනය කිරීම වඩාත් වැදගත් වන්නේය.
කිරිමැටිය කඳු මුදුනේ (රිවස්ටන්) දර්ශන පථය අසලින් ඇති නායකකානුව (නෙත්ති කානුව) රිවස්ටන් කපොල්ල දක්වා පෙත්මගක් ලෙසට සංවර්ධනය කිරීමෙන් සංචාරක ආකර්ෂණය ලබා ගත හැකිය. කිරිමැටිය කන්ද දර්ශන පථය ගගන කිමිදුම් ක්‍රීඩාව සඳහා ඉතාමත් උචිත ස්ථානයකි. එකී පාරිසරික තත්වය උපයෝගී කරගෙන ගගන කිමිඳුම් හරිත ක්‍රියාදාමත් ක්‍රීඩා සඳහා අවස්ථා සංවර්ධනය කිරීමෙන් විදේශීය සංචාරකයන්ගේ විශේෂ ආකර්ෂණයක් ලබාගත හැකිය.
මහවැලි ගොවිපොළ හා නව එල්ලංඝා වැව් පද්ධතිය ආශ්‍රිතව නව කෘෂි සංචාරක කලාපයක් ලෙසට ලග්ගල නව ජනපද ප්‍රදේශය සංවර්ධනය කිරීම වඩාත් වැදගත් වන්නේය.
ලකේගල, කළු පහන, මි මුරේ යන සංචාරක ආකර්ෂණ සහිත කඳු තරුණ සංචාරක අවස්ථා සඳහා නාරංගමුව මාර්ගය ආශ්‍රිත සංචාරක කලාපයක් තුළින් යොමු විය හැකිය. රණමුරේ නාරංගමුව හල්මිණිය වැනි සම්ප්‍රදායික ගම්මාන හා එහි උචිත තාක්ෂණික හා සම්ප්‍රදායික භාවිතයන්ද මීමුරේ නාරංගමු යා කරන පෙත්මඟ මෙන්ම රාවණා පුරාවෘත්තය හා යක්ඛම වැනි සම්ප්‍රදායික සංස්කෘතිකාංග ද මෙම ප්‍රදේශයේ විශේෂිත සංචාරක අවස්ථා ලෙසට හඳූනාගාත හැකිය.
විල්ගමුවේ සිට වස්ගමුව ජාතික වනෝද්‍යානයට හා නිපෝන් පාලම තරණයෙන් මාදුරුඔය ජාතික වනෝද්‍යානයට හා උල් හිටිය රත්කිඳ අභය භූමිවලටද පිවිසිය හැකිය.
මහනුවර මහියංගනය 18 වංගු මාර්ගයෙන් මහනුවරටත් එහි අතිරේක මාර්ගයක් ලෙසට උඩුදුම්බර කළුගල නාරං හේන හරහා ලූල් කඳුර හෙයාපාක් කෝපස් කපල් හරහා මීමුරේටත් කෝප්ස් කපොල් හරහා තංගප්පුව රංගල තෙල්දෙණියටත් ජෝඩු ඇල්ල බඹරැල්ල පන්විල හරහා වත්තේගමටත් බඹරැල්ල මඩොල් කැලේ කබරගල කැලෑ බොක්ක හරහා මාතලේටත් මාර්ග පද්ධතියක් ඇති අතර මෙම මාර්ගය දෙපස සරුසාර තේ වගා තේ කර්මාන්තශාලා වතු බංගලා මෙන්ම ඉතාම ආකර්ෂණීය දුම්බර වනපෙතේ දර්ශන ගණනාවක්ද පිහිටා ඇත.
ලාංකික ජගත් උරුම මහනුවර පූජනීය නගරයත් මාතලේ සීගිරි රාජධානියත් මධ්‍යම කඳුකරයේ දුම්බර සංරක්ෂිත වනාන්තරයත් සංචාරක ත්‍රිකෝණයක් ලෙසට හඳුන්වා දීමට හැකිවන අතර මෙම සංචාරක ගමනාන්තය සංවර්ධනය කිරීමෙන් නව සංචාරක මාර්ගයක් හා පිවිසුමක් හඳුනාගත හැකිය.
මාතලේට - මහනුවරට සංචාරක ත්‍රිකෝණයක්