IMG-LOGO

2025 ජුනි මස 16 වන සඳුදා


බිස්නස් නම් ගොඩක් අඩුයි

මේ දිනවල බිස්නස්වල තත්වය පිළිබඳව සොයා බැලීමට අපි පිටකොටුව, නුගේගොඩ, මහරගම, කොහුවල, දෙහිවල ආදී ප්‍රදේශ වෙත ගියෙමු. බිස්නස්වල තතු සෙවීමට අප මෙවර ළගා වූයේ බොරැල්ල නගරය වෙතය. බොරැල්ල නගර මධ්‍යයේ පිහිටි ජංගම දුරකථන උපාංග අලෙවිසැලක් වූ Mister Mobile වෙත අපි ගොඩ වූයෙමු. එහි හිමිකරු වූ මොහොමඩ් මුන්සිෆ් මහතා මේ දිනවල බිස්නස් පිළිබඳ දැක්වූයේ මෙවැනි අදහසකි.

Q මේ දිනවල බිස්නස් කොහොමද?

අපි ළඟ ජංගම දුරකථන උපාංග තමයි තියෙන්නේ. අපි ජංගම දුරකථන අලු‍ත්වැඩියා කිරීමේ කටයුතුත් කරනවා. මේ දවස්වල බිස්නස් ගැන කියනවා නම් සාමන්‍ය විදියට කෙරීගෙන යනවා. එහෙත් සමස්තයක් ලෙස ගිය වසර එක්ක සසදද්දි ඊට සාපේක්ෂව නම් බිස්නස් ගොඩක් අඩුයි. 

Q බිස්නස් අඩුවීමට බල පෑ හේතු මොනවාද?

මේ අවුරුද්දේ බිස්නස් අඩුයි කියලා මම කියන්න හේතුව තමයි ගිය අවුරුද්දේ මම වෙළෙඳසැල් හතරක් පවත්වාගෙන ගියා. එහෙත් මේ අවුරුද්ද වෙද්දි මට එක කඩයයි තියෙන්නේ. කඩ හතරෙන් තුනක්ම අයින් කරන්න හේතු වුණේ බිස්නස් අඩුකම. ඒ තරමටම මේ අවුරුද්දේ බිස්නස් අඩුයි. බිස්නස් අඩු නිසා කඩ කුලී ගෙවලා සේවක වැටුප් ගෙවලා කඩ හතරක් පවත්වාගෙන යන්න අමාරුයි. ලාබයක් ගන්න බෑ. ඒ නිසා තමයි ඒ කඩ වහලා දැම්මේ.

අනික විශාල බදු මුදලකුත් ගෙවන්න සිද්ද වුණා. ලැබෙන ආදායමෙන් ඒ හැම වියදමක්ම දරන්න අමාරුයි. අනික ගිය අවුරුද්දේ මම කෝටි ගාණක ෆෝන් ගෙනැල්ලා විකුණුවා. මේ අවුරුද්දේ ෆෝන් බිස්නස් කරන්නේ නෑ. ෆෝන්වලට ඕන අමතර උපාංග විතරයි විකුණන්නේ. ලොකු ගාණක් යටකරලා ෆෝන් ගේන්න බෑ බිස්නස් අඩු නිසා. ඒ තරම්ම අමාරුයි බිස්නස් කරන්න. ඇත්තටම මිනිස්සු ළග සල්ලි නැතිකම තමයි බිස්නස් කරන කාගේත් බිස්නස් අඩු වෙන්න හේතුව. 

ශෂිකා අබේරත්න

ඡායාරූප- ඉසුරු පෙරේරා



අදහස් (0)

බිස්නස් නම් ගොඩක් අඩුයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site