IMG-LOGO

2025 නොවැම්බර් මස 01 වන සෙනසුරාදා


බිස්නස් නම් අඩුත් නෑ වැඩිත් නෑ

පළමු හරස් වීදීයේ සුප්‍රීම් ලෙදර් වෙළෙඳ ආයතනයේ ව්‍යාපාරික 
තංගවේලූ පේරිම්බරාජ්

 

පළමු හරස් වීදීයේ සුප්‍රීම් ලෙදර් වෙළෙඳ ආයතනයේ ව්‍යාපාරික තංගවේලූ පේරිම්බරාජ්

කාලයත් සමග වෙනස් වන ව්‍යාපාරික ලෝකයේ තතු සොයා බැලීමට මෙවර අප ගියේ පාරිභෝගික පැමිණීම බහුල ප්‍රදේශයක් වන පිටකොටුව වෙළෙඳ ප්‍රදේශයටයි. එහිදී පළමු හරස් වීදීයේ පිහිටි පාවහන් නිෂ්පාදන අමුද්‍රව්‍ය අලෙවිසැලක් වන සුප්‍රීම් ලෙදර් වෙළෙඳ ආයතනයේ ව්‍යාපාරික තංගවේලූ පේරිම්බරාජ් මේ දිනවල වෙළෙඳම සම්බන්ධයෙන් දැක්වූයේ මෙවන් අදහසකි. 

Q මේ දිනවල බිස්නස් කොහොමද?

මේ දවස්වල නම් බිස්නස් අඩුත් නැතිව වැඩිත් නැතිව සාමාන්‍ය විදිහට කරගෙන යනවා. තොග විදිහට අපි සෙරප්පු, සපත්තු හදන අමුද්‍රව්‍ය ලබා දෙන නිසා අවුරුද්දේ මුලයි, අගයි තමා බිස්නස් සරුවටම තියෙන්නේ. තොග වෙළෙන්දෝ ඇවිත් අපෙන් බඩු මිලදි ගන්න ප්‍රමාණය අනුව තමයි අපේ බිස්නස් එක දියුණු වෙන්නේ.

Q බිස්නස් අඩු වීමට බලපෑ හේතු මොනවාද? 

අවුරුදු 20 කාලයක් මම මේ බිස්නස් එක කරනවා. අපි මේ අමුද්‍රව්‍ය ගෙන්නන්නේ චීනයෙන්. ආනයනය කරද්දී යන වියදමට ගැළපෙන ආදායමක් ලැබෙන විදිහට තමයි අපි මේ අමුද්‍රව්‍ය විකුණන්නේ. මිල ගණන්වල වැඩි වීම තමයි බිස්නස් අඩුවෙන්න මූලිකවම බලපාන්නෙ. තොග වශයෙන් සෙරප්පු සපත්තු නිෂ්පාදනයට ගන්නා අමුද්‍රව්‍ය විකුණන නිසා සාමාන්‍ය පාරිභෝගිකයන් සමග අපිට ගනුදෙනුවක් වෙන්නේ නෑ. 

බිස්නස් කරන වෙළෙන්දෝ ඇවිත් අපෙන් අමුද්‍රව්‍ය ගැනීම මත තමයි මේ බිස්නස් එක රඳා පවතින්නේ. මේ දිනවල මිනිසුන්ගේ ආර්ථික තත්වයත් අපේ බිස්නස් සඳහා බලපානවා. කොරෝනා වලින් පස්සේ වෙළෙන්ඳොන්ගෙ ව්‍යාපාර බංකොලොත් වීම තවමත් අපේ බිස්නස් අඩු වී පැවතීමට හේතුවක් වෙනවා. ඉදිරියේදී වෙළෙන්දන්ගේ අතමිට සරුවෙලා අපේ බිස්නස් වැඩිවෙයි කියලා බලාපොරොත්තුවෙන් ඉන්නවා.

චතුමාලි විජේරත්න
ඡායාරූප - 
ඉසුරු පෙරේරා



අදහස් (0)

බිස්නස් නම් අඩුත් නෑ වැඩිත් නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site