නව වසරක ආරම්භත් සමඟ නව ඇඳුමක් මිලදී ගැනීමට බොහෝ දෙනා උත්සුක වෙති. කලක පටන් බොහෝ පාරිභෝගිකයෝ පිටකොටුවෙන් රෙදිපිළි මිලදී ගැනීමට උත්සහ කළ ද අදවන විට එම තත්වය පසුබැස ගියේ නුගේගොඩ, මහරගම, වත්තල, කිරිබත්ගොඩ, පමුණුව යන ප්‍රදේශවල ප්‍රාදේශීය වශයෙන් නිමි ඇඳුම් කඩ විවෘත වීමත් සමඟ ය.
ඉන්ධන මිලේ යම් අඩුවීමක් පවතින නිසා රෙදි මිලේ අඩුවක් දක්නට ලැබෙනවා. ඉදිරියේ දී බිස්නස්වල වර්ධනයක් බලාගන්න පුළුවන් වේවි. නුගේගොඩ සව්සිරි වෙළෙඳ ආයතනයේ හිමිකරු
|
අවුරුදු සමයේ බිස්නස්වල තත්වය කෙබඳු ද යන්නත් මේ දිනවල බිස්නස්වල තතු සොයා බැලීමට ගිය ගමනේ දී නුගේගොඩ සව්සිරි වෙළෙඳ ආයතනයේ හිමිකරුවන කේ.එල්. හසන්ත මහතා දැක්වූයේ මෙවන් අදහසකි.
Q: මේ දවස්වල බිස්නස් කොහොමද?
මම වසර 50ක කාලයක ඉඳන් තමයි මේ බිස්නස් එක පවත්වා ගෙන යන්නේ. ගිය වසරට සාපේක්ෂව ගත්තහම මේ පාර බිස්නස් සාමාන්‍ය මට්ටමකට තමයි තිබුණේ. ඉදිරියේ දී බිස්නස්වල වර්ධනයක් වෙයි කියන ලකුණු පෙනෙන්නට තියෙනවා.
Q: බිස්නස් මේ තත්වයට පත්වීමට බලපෑ හේතු මොනවාද?
අපි රෙදිපිළි බිස්නස් තමයි කරන්නේ. මේ වෙද්දී අපේ බිස්නස් එක ශාඛා මට්ටමින් කරගෙන යනවා. වෙළෙඳ සහයකයන් සහභාගී කරගනිමින් තමයි අපේ ව්‍යාපාරය පවත්වාගෙන යන්නේ. පසුගිය කාලයේ ඉන්ධන මිල වැඩිවීමත් එක්ක සෑම භාණ්ඩයක මිල ඉහළ ගියා වගේම ප්‍රවාහන ගාස්තු වැඩිවීමත් එකක් රෙදිපිළිවල මිල වැඩි වුණා.
මේ වෙද්දී ඉන්ධන මිලේ යම් අඩුවීමක් පවතින නිසා රෙදි මිලේ අඩුවක් දක්නට ලැබෙනවා. ඉදිරියේ දී බිස්නස්වල වර්ධනයක් බලාගන්න පුළුවන් වේවි.
ඒ වගේම රෙදිවල මිලේ අඩුවක් පැවතුණත් අවුරුදු කාල සීමාවේ මිලදී ගන්න එන පාරිභෝගිකයන්ගේ අඩුවක් තිබුණා. පාරිභෝගිකයෝ සිය මූලික අවශ්‍යතාවලට මුදල් යෙදවීමෙන් පසුව මෙවැනි මිලදී ගැනීමකට තිබෙන අපහසුතාව බිස්නස් අඩුවීමට හේතුවක් කියලා මම හිතනවා.
මනීෂා වීරසිංහ
ඡායාරූප : ජයමාල් චන්ද්‍රසිරි
බිස්නස් තිබුණේ සාමාන්‍ය මට්ටමක