IMG-LOGO

2026 පෙබරවාරි මස 04 වන බදාදා


බෙලරුසයේ Belavia මෙරටට ඍජු ගුවන් ගමන් ඇරඹීමට සැරසෙයි


භානුක අමරසිංහ 


බෙලරුසයේ ජාතික ගුවන් සේවය වන Belavia ගුවන් සේවය ශ්‍රී ලංකාවට ඍජු ගුවන් ගමන් ආරම්භ කිරිමට සූදානමින් සිටින බව පවසයි. මේ සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් පසුගියදා Belavia ගුවන් සේවයේ නියෝජිතයන් සහ සිවිල් ගුවන් සේවා අධිකාරියේ නිලධාරීන් අතර එම අධිකාරියේදී පැවැත්වී තිබේ. 

Belavia ගුවන් සමාගමේ නව ව්‍යාපාරික සැලසුම් සහ ශ්‍රී ලංකාවත් සමගින් පවතින අවස්ථා පිළිබඳව මෙහිදී සාකච්ඡා කර තිබේ. මෙම අවස්ථාව සඳහා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති සුනිල් ජයරත්න සහ එහි වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරී රෙහාන් වන්නිඅප්පා ඇතුළු නිලධාරීන් සහභාගි වී තිබේ. 

විදේශ අමාත්‍යාංශයේ සහකාර අධ්‍යක්ෂ (යුරෝපය සහ උතුරු ඇමෙරිකාව) කෞමදී විජේසිංහ මහත්මියගේ සම්බන්ධීකරණයෙන් මෙම සාකච්ඡාව පැවැත්වී තිබේ. 

 



අදහස් (0)

බෙලරුසයේ Belavia මෙරටට ඍජු ගුවන් ගමන් ඇරඹීමට සැරසෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site