IMG-LOGO

2026 ඔක්තෝබර් මස 31 වන සෙනසුරාදා


බලපිටිය හීනටිය සණස බැංකුවේ 85 වැනි සැමරුම මහා ඉහළින්

කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත


හීනටිය සණස සමිතියට වසර 85ක් පිරීම නිමිත්තෙන් එම සමිතියේ සභාපති නිහාල් චන්ද්‍රසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් උත්සව මාලාවක් හීනටිය සණස ශාලාවේදී පැවැත්විණ.

එහිදී හීනටිය සණස සමිතියේ වසර පනහට වැඩි සාමාජිකත්වය දැරූ සාමාජිකයන් වෙනුවෙන් ස්වර්ණ සම්මාන ප්‍රදානය කිරීම විශේෂයෙන්ම කැපී පෙනිණ.

එමෙන්ම වසර 40 කට වැඩි ක්‍රියාකාරී සාමාජිකයන්ට රජත සම්මානද ප්‍රද‌ානය කරන කෙරිණ. හීනටිය සණස සමිතියේ අභිවෘද්ධිය තකා කටයුතු කළ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්ට උපහාර පිදීම ද මීට සමගාමීව සිදු කෙරිණ.

පාසල්, දහම් පාසල්, කලායතන තරගාවලියේදී, ප්‍රථම ස්ථානය සීනිගොඩ මහ විද්‍යාලය කණ්ඩායමද, දෙවැනි ස්ථානය කරන්දෙණිය කිරිනුගේ සමෘද්ධි ළමා සමාජ කණ්ඩායමද, තෙවැනි ස්ථානය හීනටිය රාහුල මහා විද්‍යාලිය කණ්ඩායමද දිනා ගන්නා ලදී. පෙර පාසල් කාණ්ඩයේ ප්‍රථම ස්ථානය වතු ගෙදර පෙරපාසලද, දෙවැනි ස්ථානය හීනටිය සුපිපි පෙරපාසල් කණ්ඩායමද, තෙවන ස්ථානය බලපිටිය, අල් අස්රියා පෙර පාසල් කණ්ඩායමද දිනා ගන්නා ලදී. 

මේ අවස්ථාවට සමුපකාර සංවර්ධන ප්‍රාදේශීය නිලධාරී ආසිරි අබේවික්‍රම, සණස කලාප අධ්‍යක්ෂ රාජපක්ෂ මහතා, ඇතුළු ප්‍රදේශයේ සණස සමිතිවල සභාපතිවරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගීවී සිටියහ.



අදහස් (0)

බලපිටිය හීනටිය සණස බැංකුවේ 85 වැනි සැමරුම මහා ඉහළින්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site