IMG-LOGO

2025 ජුලි මස 08 වන අඟහරුවාදා


බේරේ වැවට යළිත් Cinnamon Air ගුවන් යානා


භානුක අමරසිංහ


කොළඹ බේරේ වැව පරිශ්‍රය ජලාශ්‍රිත ගුවන් තොටුපොළක් ලෙස යළි හඳුන්වාදෙමින් නැවත වරක් Cinnamon Air  ගුවන් යානා වෙත එහි මෙහෙයුම් ආරම්භ කිරීමට අවස්ථාව ලබාදීම පිළිබඳ සාකච්ඡාවක් පසුගියදා ආරක්ෂක අමාත්‍යාංශයේදී පැවැත් වූ බව වාර්තා වෙයි. 

එම අමාත්‍යාංශ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු මෙම සාකච්ඡාව සඳහා Cinnamon Air අයත් Saffron Aviation (Pvt) Ltd සහ ජෝන් කීල්ස් සමූහය යන සමාගම්වල නියෝජිතයන් සහභාගි වී තිබේ. එසේම ගුවන් හමුදාව, නාවික හමුදාව, ශ්‍රී ලංකා පොලිසිය, සිවිල් ගුවන් සේවා අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය, මධ්‍යම පරිසර අධිකාරිය, ශ්‍රී ලංකා වරාය අධිකාරිය යන ආයතනවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ද මීට සහභාගි වී ඇත. 

 අභ්‍යන්තර ගුවන් ගමන් සේවා සපයන “Cinnamon Air” සමාගම, ජලයේ පාවෙන ගුවන් යානා මෙන්ම ගොඩබිම හැසිරවිය හැකි ගුවන් යානා සේවා පිළිබඳ විශේෂඥ සමාගමකි. එම සමාගම සතුව සෙස්නා මාදිලියේ ගුවන් යානා තුනක් පවතින අතර, ඉන් දෙකක් ජලයේද ගොඩබැස්විය හැකි ඒවා වෙයි.



අදහස් (1)

බේරේ වැවට යළිත් Cinnamon Air ගුවන් යානා

ගුණරත්න Monday, 07 July 2025 04:04 PM

රෝදය නැවත සොයාගන්නේ කෙසේද කියන පාඩම තමයි මේ ආණ්ඩුව මේ කාලේ ඉගෙනගන්නේ!

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site