භානුක අමරසිංහ
කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදන සමාගමක් වන රිසස් එනර්ජි පීඑල්සී සමාගමේ තවත් කොටස් 5,060,305 ක් මිලදී ගැනීමට බ්‍රෑන්ටෙල් ලංකා (පෞද්) සමාගම පියවර ගත් බව පවසයි.
පසුගිය සැප්තැම්බර් 11 වැනිදා මෙම ගනුදෙනුව සිදුව තිබේ. එහිදී තවත් කොටස් 36,309ක්ද එම සමාගම මගින් මිලදී ගෙන තිබේ. ඒ අනුව මීට පෙර බ්‍රෑන්ටෙල් ලංකා (පෞද්) සමාගම මිලදී ගෙන තිබූ රිසස් එනර්ජි පීඑල්සී සමාගමේ කොටස් 3,523,771ත් සමගින් එම සමාගම සතු කොටස් සංඛ්‍යාව 8,620,385ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙය රිසස් එනර්ජි පීඑල්සී සමාගම නිකුත් කළ සමස්ත කොටස් අතරින් සියයට 10.00 කි.
පසුගිය සැප්තැම්බර් 11 වැනිදා මෙම ගනුදෙනුව සිදුව තිබේ. එහිදී කොටසක් රුපියල් 42.00 ත් 42.10ත් අතර මුදලකට එම කොටස් මිලදී ගෙන ඇති අතර ගනුදෙනුවේ වටිනාකම රුපියල් මිලියන 214 කට ආසන්නය.
බ්‍රෑන්ටෙල් ලංකා රිසස් එනර්ජිහි හිමිකාරීත්වය ඉහළ නංවා ගනී