IMG-LOGO

2026 මැයි මස 21 වන බ්‍රහස්පතින්දා


බොරතෙල් මිලට වඩා ඩීසල් සහ ජෙට් ඉන්ධන මිල ශීඝ්‍රයෙන් ඉහළට

විමුක්ති එස් රුද්‍රිගු


ඉරාන යුද්ධය හේතුවේ ගෝලීය බලශක්ති සැපයුමට එල්ල වී ඇති බලපෑම හමුවේ බොරතෙල් මිලට වඩා ශීඝ්‍රයෙන් ඩීසල් සහ ජෙට් ඉන්ධන මිල ඉහළ යමින් තිබෙන බව ගෝල්ඩ්මෑන් සැක් සමාගම පසුගියදා නිකුත් කළ නවතම වර්තාවක දැක්වේ. මධ්‍යස්ථ සහ බර කාණ්ඩයේ බොරතෙල් සැපයුමට බාධා එල්ල වී තිබීම හේතුවෙන් ජෙට් ඉන්ධන සහ ඩීසල් නිෂ්පාදනයට බාධා මතුව තිබෙන බව එම වාර්තාව පෙන්වා දෙයි. ඉරාන යුද්ධය හේතුවෙන් හෝමුස්‌ සමුද්‍ර සන්ධිය හරහා බොරතෙල් සහ පිරිපහදු තෙල් ප්‍රවාහනය නතර වී තිබෙන බවත් ඒ හේතුවෙන් බොරතෙල් මිල සියයට 40 කින් ඉහළ යද්දී ජෙට් ඉන්ධන සහ ඩීසල් මිල ඊටත් වඩා වැඩි ප්‍රතිශතයකින් ඉහළ ගොස් තිබෙන බවත් එම වාර්තාවේ දැක්වේ.
ඉරානය දිගින්දිගටම මැද පෙරදිග කලාපයේ බලශක්ති සැපයුම් මධ්‍යස්ථානවලට ප්‍රහාර එල්ල කිරීමත් සමග කලාපයේ තෙල් පිරිපහදු කරන්නන්ට සිය මෙහෙයුම් කටයුතු සීමා කිරීමට සිදුව තිබෙන බවද එම වාර්තාවේ සඳහන් වේ. ජෙට් ඉන්ධන මිල ශීඝ්‍රයෙන් ඉහළ යාම ගුවන් ටිකට්පත් මිලටද බලපෑම් එල්ල වී තිබෙන බවද එම වාර්තාවේ දැක්වේ.



අදහස් (0)

බොරතෙල් මිලට වඩා ඩීසල් සහ ජෙට් ඉන්ධන මිල ශීඝ්‍රයෙන් ඉහළට

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site