IMG-LOGO

2026 අප්‍රේල් මස 28 වන අඟහරුවාදා


බොරතෙල් ටෙන්ඩරය සිංගප්පූරුවේ BB Energy සමාගමට

 


නිමල කොඩිතුවක්කු


මර්බන් වර්ගයේ බොර තෙල් නැව් තොග 4 ක් මිල දී ගැනීම වෙනුවෙන් වූ දිගුකාලීන ප්‍රසම්පාදනය පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

2025-09-01 දින සිට 2025-12-31 දින දක්වා කාලය තුළ මර්බන් වර්ගයේ බොර තෙල් නැව් තොග 4 ක් මිල දී ගැනීම පිණිස ලංසු කැඳවා ඇත.

ඒ සඳහා ලංසු 7 ක් ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය මත පදනම්ව සිංගප්පූරුවේ BB Energy Asia Pte. Ltd වෙත අදාළ ප්‍රසම්පාදනය පිරිනැමීම පිණිස බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. 

 



අදහස් (0)

බොරතෙල් ටෙන්ඩරය සිංගප්පූරුවේ BB Energy සමාගමට

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site