IMG-LOGO

2026 පෙබරවාරි මස 03 වන අඟහරුවාදා


බයිරහා ෆාම්ස් වෙතින් කොටස් අතුරු බෙදීමක්

භානුක අමරසිංහ


කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත බයිරහා ෆාම්ස් පීඑල්සී සමාගම කොටස් අතුරු බෙදීමක් හරහා සිය නිකුත් කර ඇති ඡන්ද හිමි කොටස් සංඛ්‍යාව ඉහළ නංවාගැනීමට සූදානමින් සිටින බව පවසයි. සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් පසුගියදා ඊට අදාළ අනුමැතිය ලබාදී තිබේ.
ඒ අනුව මෙහිදී දැනට නිකුත් කර ඇති සමාගමේ සෑම ඡන්ද හිමි කොටසක්ම තවත් අලු‍ත් කොටස් පහක් ලෙස මෙම කොටස් අතුරු බෙදීම සිදු කරයි. සමාගමට අනුව මෙතෙක් නිකුත් කර ඇති සමස්ත ඡන්ද හිමි කොටස් සංඛ්‍යාව 17,600,000 කි. මෙම කොටස් අතුරු බෙදීමත් සමගින්ම එය කොටස් 88,000,000 ක් බවට පත්වෙයි. කෙසේ වෙතත් මෙම කොටස් අතුරු බෙදීම හේතුවෙන් සමාගමේ වර්තමාන ප්‍රකාශිත ප්‍රාග්ධනය වන රුපියල් 536,305,197 වෙත කිසිදු බලපෑමක් එල්ල නොවන බවත් සමාගම සඳහන් කරයි. එසේම මෙම කොටස් අතුරු බෙදීම සම්බන්ධයෙන් සමාගමේ කොටස් හිමිකරුවන්ගේ අනුමැතිය හිමිවිය යුතුව තිබෙන බවත් පවසයි. 



අදහස් (0)

බයිරහා ෆාම්ස් වෙතින් කොටස් අතුරු බෙදීමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site