
කරන්දෙණිය – එම්. සුසිල් ප්‍රියන්ත
බෙන්තොට ටාජ් හෝටලයේ නත්තල් කේක් ගෙඩිය සෑදීම සුබ නැකතින් එම හෝටලයේ සාමාන්‍යාධිකාරී සිබි මැතිව් (Sibi Mathew) මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.
මේ අවස්ථාවට එම හෝටලයේ සියලුම සූපවේදීන් සහභාගි වූ අතර එම හෝටලයේ ලැගුම්ගෙන සිටි දෙස් විදෙස් සංචාරකයෝ ද සහභාගි වූහ.
සුබ නැකතින් සෑදීමට වැඩ ආරම්භ කරන ලද කේක් ගෙඩිය දෙස් විදෙස් සංචාරකයන් සමග දෙසැම්බර් මස 25 වැනිදා නත්තල් උදාවත් සමග කැපීමට නියමිතය.
බෙන්තොට ටාජ් හෝටලයේ නත්තල් කේක් සෑදීම සුබ නැකතින්