IMG-LOGO

2026 ජුලි මස 10 වන සිකුරාදා


බෙන්තොටට විධිමත් සංචාරක සැලැස්මක්

 


කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත සහ පිටිගල ඩී.ජේ.විජේසිංහ


බෙන්තොට නගරය විධිමත් සංචාරක පුරවරයක් ලෙස සැලැස්මක් සැකසීමේ සමාරම්භක උත්සවයක් බෙන්තොට සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් බෙන්තොට අයිඩා හෝටලයේදී පැවැත්විණ.

නාගරික සංවර්ධන අධිකාරියේ ගාලු‍ දිසා කාර්යාලය මේ උත්සවය සංවිධානය කර තිබූ අතර එම අවස්ථාවට නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් ඇතුළුව බෙන්තොට රාජය ආයතනවල නිලධාරීන් බෙන්තොට සංචාරක ව්‍යාපාරයේ නියුතුවූවන් ඇතුළු පිරිසක් සහභාගිවී සිටියහ.

එහිදී බෙන්තොට නගරයේ අලංකාරය වර්ධනය කර ගනිමින් දෙස් විදෙස් සංචාරකයන් වැඩි වැඩියෙන් බෙන්තොටට අද්දවා ගැනීම සඳහා නගරය සංවර්ධනය කළ යුතු ආකාරය පිළිබඳව අදහස් යෝජනා ඉදිරිපත් කෙරුණු අතර ඉදිරියේදී සැකසීමට නියමිත බෙන්තොට නගර සැලැස්මට ඉදිරිපත්වූ එම යෝජනාවලින් හොඳ යෝජනා ඇතුළත් කර ගැනීමට අදාළ බලධාරීන්ගේ අවධානය යොමු විය. 

 



අදහස් (0)

බෙන්තොටට විධිමත් සංචාරක සැලැස්මක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site