
බදු අනුකූලතාව යනුවෙන් අදහස් වනුයේ බදු ගෙවීමට යටත් සියලුදෙනා බදු සඳහා ලියාපදිංචි වීම, නීතියට අදාළ වාර්තා හා ප්‍රකාශන නිසි පරිදි සම්පුර්ණ කිරීම, ගෙවිය යුතු බදු නියමිත දිනයේදි නියමිත අයුරින් ගෙවීම් සිදු කිරීම, තමන් සතු ආදායම්, වියදම් වත්කම්, වගකීම, බැරකම් පිළිබඳ නිසි ප්‍රකාශයක් නියමිත බලධාරීන්ට අදාළ අවස්ථාවේදී ප්‍රකාශ කිරීම් ආදී බහුවිධ කාර්යවල සමස්ත ප්‍රතිඵලය වේ. මේ අනුව පුරවැසියකු ලෙස නිවැරදිව බදු නීතිරීති වලට අදාළව කටයුතු කිරීම බදු අනුකූලතාවේදී අදහස් වේ.රටක මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමෙහි ලා බදු අයකිරීම මෙන්ම මහජනතාව වෙනුවෙන් වැය කරන ලද රාජ්‍ය වියදම්ද ඉතා වැදගත් සංරචකයක් වේ. මෙම ක්‍රියාවලියෙන් ආර්ථික සංවර්ධනය, ආර්ථික ස්ථායිතාව, නිෂ්පාදනය ඉහළ යාම ආදායම් බෙදීයාමේ පරතරය අඩුකරලීම මුඛ්‍ය පරමාර්ථය වේ. නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍යය හා සමාජ සුරක්ෂිත වැඩසටහන් සඳහා රජය ලබාදෙන ප්‍රමුඛතා බදු ආදායම් වර්ධනය සමගම වැදගත් වනු ඇත. මෙවන් පසුබිමක බදු ආදායම වර්ධනය සඳහා සැමගේ සහයෝගය දායකත්වය රජය අපේක්ෂා කරයි.

| රට | 
			 ජනගහනයෙන් ප්‍රතිශතයක් ලෙස ආදායම් බදු සඳහා ලියාපදිංචිවූ  | 
		
|---|---|
| ඔස්ට්‍රියාව | 100 | 
| කොරියාව | 25 | 
| පින්ලන්තය | 100 | 
| කොස්ටාරිකාව | 10 | 
| නෝර්වේ | 94 | 
| ආර්ජනටිනාව | 10 | 
| ඔස්ට්‍රේලියාව | 90 | 
| කොලොම්බියාව | 10 | 
| ඩෙන්මාර්ක් | 90 | 
| ඉන්දුනීසියාව | 8 | 
| ස්විඩනය | 80 | 
| තුර්කිය | 8 | 
| කැනඩාව | 80 | 
බදු ලියාපදිංචි ප්‍රවේශ වීම උදෙසා බදු ලියාපදිංචිය සඳහා ජනතාවට වඩාත් හොඳ පහසුකම් සලසා දිය යුතුව ඇත. වර්තමානයේ ඩිජිටල් ආර්ථික ක්‍රියාවලිය යටතේ බදු ලියාපදිංචියට අදාළ මංපෙත් විවර කළ යුතුය. ඒ අනුව ලෝකයේ දැනට බදු ලියාපදිංචිය කාර්යය සඳහා ප්‍රධාන වශයෙන් භාවිතයට ගන්නා ක්‍රමවේද පහත පරිදිය.
බදු ලියාපදිංචිය ඉහළ නැංවීමේ අභියෝග