භානුක අමරසිංහ
සංවිධානාත්මක කණ්ඩායම් විසින් බදු ගෙවීමකින් තොරව හොර රහසේ මෙරටට ගෙන එනු ලබන විද්‍යුත් උපකරණ හේතුවෙන් වෙළෙඳ පොළ අසමතුලිතතාවක් මෙන්ම රජයේ බදු ආදායමේ අහිමිවීමක්ද සිදුව තිබෙන බව විද්‍යුත් උපකරණ ආශ්‍රිත නිෂ්පාදන ආනයනකරුවෝ සඳහන් කරති.
ඊයේ (16) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණු විද්‍යුත් උපකරණ කර්මාන්ත සම්බන්ධයෙන් වූ පූර්ව අයවැය සාකච්ඡාවකදී එම ආනයනකරුවෝ මෙම කරුණු පවසා තිබේ. ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම හමුව පැවැත්වී ඇත.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වා ඇති ආනයනකරුවෝ මෙවැනි ක්‍රියාකාරකම් හේතුවෙන් ආනයනය කෙරෙන විද්‍යුත් උපකරණවල ගුණාත්මකභාවයේ අඩුවක් දක්නට ලැබෙන බවත් පෙන්වා දී තිබේ. එසේම මින් රජයට විශාල බදු ආදායමක් අහිමි වන බවත්, පාරිභෝගිකයින්ට භාණ්ඩවල ප්‍රමිතිය පිළිබඳ ගැටලු මතුව ඇති බවත් සඳහන් කර තිබේ. ඒ අනුව මේ පිළිබඳ කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙසද ඔවුන් රජයෙන් ඉල්ලා තිබේ.
මීට පිළිතුරු ලබාදී ඇති නියෝජ්‍ය අමාත්‍යවරයා, ප්‍රමිතියෙන් යුතු ගුණාත්මක භාණ්ඩ ආනයනය කිරිම සදහා අවශ්‍ය නව නීති ගෙන ඒමට කටයුතු කරන බවත්, බදු දැලෙන් රිංගා භාණ්ඩ ආනයනය කරන සංවිධානාත්මක කණ්ඩායම්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවත් පවසා තිබේ.
බදු නොගෙවා විද්‍යුත් උපකරණ ආනයනයෙන් වෙළෙඳපොළ අසමතුලිතතාවක්