IMG-LOGO

2025 ජුලි මස 27 වන ඉරිදා


බණ්ඩාරනායක රාජ්‍ය තාන්ත්‍රික පුහුණු ආයතනය සහ බ්‍රසීල රියෝ බ්‍රැන්කෝ සහයෝගීතාවක්

නිමල කොඩිතුවක්කු


බණ්ඩාරනායක ජාත්‍යන්තර රාජ්‍ය තාන්ත්‍රික පුහුණු ආයතනය සහ බ්‍රසීල ෆෙඩරේටිව් ජනරජයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ රියෝ බ්‍රැන්කෝ ආයතනය අතර සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය යටතේ පවතින බණ්ඩාරනායක ජාත්‍යන්තර රාජ්‍ය තාන්ත්‍රික පුහුණු ආයතනය සහ බ්‍රසීල ෆෙඩරේටිව් ජනරජයේ විදේශ කටයුතු අමාත්‍යාංශය යටතේ පවතින රියෝ බ්‍රැන්කෝ ආයතනය අතර සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීම පිණිස 2024-09-02 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇති නමුත්, මෙතෙක් එකී ගිවිසුමට අත්සන් තබා නොමැත.
ජාත්‍යන්තරව කීර්තිමත් රාජ්‍ය තාන්ත්‍රික ඇකඩමියක් වශයෙන් රියෝ බ්‍රැන්කෝ ආයතනය දශක 8 ක් පුරා ලෝකයේ රටවල් 57 ක පමණ රාජ්‍ය තාන්ත්‍රිකයන් පුහුණු කිරීමට දායක වී ඇති අතර, රටවල් 70කට වැඩි සංඛ්‍යාවක් සමග සහයෝගිතා ගිවිසුම්වලට එළැඹ තිබේ. රාජ්‍ය තාන්ත්‍රිකයන් පුහුණු කිරීම හා පුහුණු වැඩසටහන් සඳහා ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැලසීම, ඔවුන්ගේ අධ්‍යයන හා පර් යේෂණ වැඩසටහන් පිළිබඳ තොරතුරු හා අත්දැකීම් හුවමාරු කර ගැනීම ආදිය යෝජිත අවබෝධතා ගිවිසුම මගින් අපේක්ෂා කරනු ලබයි.



අදහස් (0)

බණ්ඩාරනායක රාජ්‍ය තාන්ත්‍රික පුහුණු ආයතනය සහ බ්‍රසීල රියෝ බ්‍රැන්කෝ සහයෝගීතාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site