IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


පේ - මාස්ටර් ජංගම දුරකතන යෙදවුමට සම්මාන

(රංජන් කස්තුරි)

ලංකා - පේ ටෙක්නොවෙශන්  -2023 සම්මාන උළෙල ඉකුත් දා කොළඹදී පැවැති අතර එහිදී පේ - මාස්ටර් ජංගම දුරකතන යෙදවුමට සම්මාන දෙකක් හිමි විය.

මූල්‍ය තාක්ෂණ අංශයේ වසරේ විශිෂ්ඨතම පාරිභෝගික ගෙවීම් ජංගම දුරකතන යෙදවුමට හිමි රන් සම්මානය පේ-මාස්ටර් දිනාගත් අතර වසරේ ජනප්‍රියම ඩිජිටල් ගෙවීම් යෙදවුමට හිමි කුසලතා සම්මානය ද ජේ මාස්ටර් ඇප් එකට හිමි විය.

වසර හතරක් වැනි කෙටි කාලයක් තුළ ශ්‍රී ලාංකික පාරිභෝගික විශ්වාසය දිනාගත් පේ-මාස්ටර් ජංගම දුරකතන යෙදවුම මූල්‍ය තාක්ෂණ යෙදවුමක් ලෙසින් ශ්‍රී ලංකිකයන්ගේ එදිනෙදා ගෙවීම් අවශ්‍යතා සපුරාලයි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ පූර්ණ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා ජාතික ජංගම ගෙවුම් ජාලය වන JUST PAY හරහා ජේ මාස්ටර් යෙදවුම සියලු ඔන්ලයින් ගෙවීම් අවශ්‍යතා ඉටු කරයි. 



අදහස් (0)

පේ - මාස්ටර් ජංගම දුරකතන යෙදවුමට සම්මාන

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site