IMG-LOGO

2025 ජුලි මස 08 වන අඟහරුවාදා


පළමු මාස පහේදී වාණිජ බැංකු පෞද්ගලික අංශයට දුන් ණය රුපියල් බිලියන 478.6 ක්


විමුක්ති එස් රුද්‍රිගු


මෙරට බලපත්‍රලාභී වාණිජ බැංකු මෙම වසරේ පළමු මාස 5 තුළදී රුපියල් බිලියන 478.6 ක මුදලක් පෞද්ගලික අංශයට ණය ලෙස ලබාදී ඇති බවත්, පසුගිය මැයි මාසයේදී පමණක් රුපියල් බිලියන 133 ක මුදලක් ණය ලෙස පෞද්ගලික අංශයට ලබාදී ඇති බවත් මහ බැංකුවේ නවතම දත්ත වාර්තා පෙන්වා දුන්නේය.

2024 වසරේ පළමු මාස 5 තුළදී මෙරට බලපත්‍රලාභී වාණිජ බැංකු පෞද්ගලික අංශයට ණය ලෙස ලබාදී තිබුණේ රුපියල් බිලියන 71.5 ක් පමණි.

මෙම වසරේ අප්‍රේල් මාසයේදී මෙරට වාණිජ බැංකු පෞද්ගලික අංශයට රුපියල් බිලියන 71 මුදලක් ණය ලෙස ලබාදී තිබූ අතර, එයට සාපේක්ෂව පසුගිය මැයි මාසයේදී පෞද්ගලික අංශයට ලබාදී ඇති ණය ප්‍රමාණය සැලකිය යුතු ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇත. මැයි මාසයේදී වාණිජ බැංකු පෞද්ගලික අංශයට ලබාදී ඇති ණය ප්‍රමාණය ඉහළ ගියත් රාජ්‍ය අංශයට ලබාදී ණය ප්‍රමාණය පහළ ගොස් තිබේ.

පසුගිය මැයි මාසයේදී මෙරට බලපත්‍රලාභී වාණිජ බැංකු රාජ්‍ය අංශයට රුපියල් බිලියන 53 ක මුදල් ප්‍රමාණයක් ණය ලෙස ලබාදී තිබිණි.



අදහස් (0)

පළමු මාස පහේදී වාණිජ බැංකු පෞද්ගලික අංශයට දුන් ණය රුපියල් බිලියන 478.6 ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site