IMG-LOGO

2026 පෙබරවාරි මස 03 වන අඟහරුවාදා


පොල් මිල අඛණ්ඩව තුන්වැනි සතියටත් පහළ ගිහින්

විමුක්ති එස් රුද්‍රිගු
පසුගිය සතියේ පැවැති පොල් වෙන්දේසියේදී සාමාන්‍ය පොල් මිල ගණන් අඛණ්ඩව තුන්වන සතියටත් පහළ ගිය බවත්, පසුගිය සතියේදී පමණක් සාමාන්‍ය පොල් මිල සියයට 5 ක පමණ ප්‍රතිශතයකින් පහළ ගිය බවත් පොල් සංවර්ධන අධිකාරියේ නවතම දත්ත වාර්තා පෙන්වා දෙයි.
පසුගිය සතියේ පැවැති වෙන්දේසියේදී ගෙඩි 1,000 ක සාමාන්‍ය මිල රුපියල් 128,060 ක් වූ අතර පෙර වෙන්දේසියට සාපේක්ෂව පසුගිය සතියේ වෙන්දේසියට ඉදිරිපත් කළ පොල් ගෙඩි ප්‍රමාණයද 302,679 ක් දක්වා පහළ ගොස් ඇත. එසේම පෙර වෙන්දේසියට සාපේක්ෂව පසුගිය සතියේ වෙන්දෙසියේදී අලෙවි වූ පොල් ගෙඩි ප්‍රමාණයද 214,469 ක් දක්වා පහළ වැටී තිබේ. සාමාන්‍ය වෙළෙඳපොළේ පොල් මිල පසුගිය සතියේදී 150 ත් 185ත් අතර විය.



අදහස් (0)

පොල් මිල අඛණ්ඩව තුන්වැනි සතියටත් පහළ ගිහින්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site