2024 වසරේදී පෝලන්තයේ සිට සංචාරකයෝ 44,165ක් ඇවිත්
භානුක අමරසිංහ
පෝලන්තයේ Enter Air ගුවන් සේවය ශ්‍රී ලංකාව වෙත සිදු කරන සිය ශීත ඍතු ගුවන් ගමන් අරඹමින් අද දිනයේදී වෝර්සෝ නුවර සිට කොළඹ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පැමිණිමට නියමිතව ඇතැයි වාර්තා වෙයි. මේ හරහා ශීත ඍතුව තුළදී පෝලන්තයේ මෙන්ම යුරෝපා සංචාරකයන්ද තවදුරටත් මෙරට වෙත සම්බන්ධ කෙරෙනු ඇතැයි අදහස වී තිබේ. එම ගුවන් සේවය ලබන අප්‍රේල් මාසය දක්වා බ්‍රහස්පතින්දා සහ ඉරිදා දිනවල සිය මෙහෙයුම් සිදු කරයි.
පසුගිය 2023 වසරේදී මෙන්ම 2024 දීද ශීත ඍතුව ඉලක්ක කරගනිමින් පෝලන්තයේ Enter Air ගුවන් සේවය මෙරට වෙත සිය ගුවන් මෙහෙයුම් ක්‍රියාත්මක කළේය. 2023 වසරේදී මෙරට වෙත පෝලන්තයෙන් සංචාරකයන් 17,946ක් පැමිණ ඇති අතර, 2024 වසරේදී එය 44,165ක් ලෙස සටහන්ව තිබේ. මේ අතර 2025 වසරේ මේ දක්වා පෝලන්තයේ සිට පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව 35,606කි.
වාර්තා සඳහන් කරන ආකාරයටEnter Air ගුවන් සේවයද සමගින් මෙම සතිය තුළදී ගුවන් සේවා පහක් ශ්‍රී ලංකාව වෙත සිදු කරන ගුවන් ගමන් යළි ආරම්භ කිරිමට පියවර ගෙන තිබේ. ඒ අනුව ක්වේට ගුවන් සේවය, ස්විස්ටර්ලන්තයේ ඊඞ්ල්වයිස් ගුවන් සේවය කොළඹ බණ්ඩාරනායක ගුවන් තොටුපොළ වෙත මෙහෙයුම් ආරම්භ කළ අතර, බෙලරුස්හි බෙලාවියා ගුවන් සේවය සහ රුසියාවේ රෙඩ් වින්ග්ස් ගුවන් සේවය මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත සිය මෙහෙයුම් ආරම්භ කළේය.
පෝලන්තයේ Enter Air අද සිට කොළඹට