IMG-LOGO

2026 ජනවාරි මස 20 වන අඟහරුවාදා


ප‍්‍රවාහන ක්ෂේත‍්‍රය ශක්තිමත් කරමින් NDB බැංකුව ටොයොටා ලංකා සමග සම්බන්ධ වෙයි

NDB බැංකුව ගනුදෙනුකරුවන්ට පහසු, නම්‍යශීලී සහ දැරිය හැකි ලීසිං විසඳුම් ලබා දීමට බැංකුවේ ඇති කැපවීම තහවුරු කරමින් ටොයොටා ලංකා සමාගම සමග අවබෝධතා ගිවිසුමකට එළඹ තිබේ. මෙම හවුල්කාරීත්වය හරහා ලොව වඩාත්ම විශ්වාසදායක රථ වාහන පෙළක් පාරිභෝගිකයන්ට ගෙන එයි.
මෙම හවුල්කාරිත්වය මගින් සේවාවල විශිෂ්ටත්වය පිළිබඳව දැඩි කැපවීමක් සහිත ආයතන දෙකක් වන, ප‍්‍රමුඛ මූල්‍ය විසඳුම් සපයන්නකු ලෙස NDB බැංකුව සහ ශ‍්‍රී ලංකාවේ ටොයොටා සහ HINO වාහනවල සුවිශේෂී අලෙවිකරු සහ බෙදාහරින්නා ලෙස ටොයොටා ලංකා ආයතනය සමඟ සම්බන්ධ වේ. මෙම සහයෝගීතාව හරහා, එක් එක් පුද්ගලයන් වෙනුවෙන්ම සැකසුණු මූල්‍ය උපදේශනය පිළිබඳ NDB බැංකුවේ විශේෂඥතාව සහ ගුණාත්මකභාවය, කල්පැවැත්ම සහ නවෝත්පාදනය සඳහා ටොයොටා සමාගමේ ඇති කීර්ති නාමය සමගින් වාහන මිලදී ගැනීමට බලාපොරොත්තු වන පාරිභෝගිකයන් සඳහා පහසු සහ වඩාත් ප‍්‍රවේශ විය හැකි ලෙස නිර්මාණය කර ඇති ආකර්ෂණීය ලීසිං පහසුකම්වලින් පාරිභෝගිකයන්ට ප‍්‍රතිලාභ හිමි කර දෙයි. 
මෙම අවබෝධතා ගිවිසුම යටතේ, NDB බැංකුව විසින් ටොයොටා වාහන සඳහා සුවිශේෂී ලීසිං විකල්ප මාලාවක් නිර්මාණය කරන අතර, එමගින් ගනුදෙනුකරුවන්ට තරගකාරී අනුපාත, වේගවත් සහ පහසු මූල්‍යකරණ අත්දැකීමක් ලඟා කර දෙයි. මෙම හවුල්කාරිත්වය NDB බැංකුවේ ප‍්‍රවාහන ක්ෂේත‍්‍රය කේන්ද‍්‍ර කරගත් මූල්‍ය පහසුකම්වල වර්ධනය ශක්තිමත් කරන අතර, ප‍්‍රායෝගික සහ අනාගතයට සූදානම් විසඳුම් සමග පෞද්ගලික ගනුදෙනුකරුවන්, වෘත්තිකයන් සහ ව්‍යාපාර සවිබල ගැන්වීමේ බැංකුවේ දිගුකාලීන උපාය මාර්ගයට සමපාත වේ.
මෙම හවුල්කාරිත්වය පිළිබඳව අදහස් දක්වමින් NDB බැංකුවේ පුද්ගලික බැංකුකරණය සහ පාරිභෝගික අත්දැකීම් පිළිබඳ ජ්‍යෙෂ්ඨ උප සභාපති සංජය පෙරේරා මහතා මෙසේ පැවසීය. NDB බැංකුවේ අපගේ අවධානය සැමවිටම යොමු වී ඇත්තේ දිගුකාලීන වටිනාකමක් සහතික කරමින් ගනුදෙනුකරුවන්ගේ ජීවන රටාවන් උසස් කරන අර්ථවත් මූල්‍ය විසඳුම් සමඟ ඔවුන් සවිබල ගැන්වීමටයි. 



අදහස් (0)

ප‍්‍රවාහන ක්ෂේත‍්‍රය ශක්තිමත් කරමින් NDB බැංකුව ටොයොටා ලංකා සමග සම්බන්ධ වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site