IMG-LOGO

2026 පෙබරවාරි මස 03 වන අඟහරුවාදා


ප්‍රීමා සමූහයේ ධාරිතාව සියයට 100කින් ඉහළ නැංවීමට රු.බි. 3ක ආයෝජනයක්

 

  • මෙම පුළුල් කිරීමත් සමගින් නිෂ්පාදන ධාරිතාව සියයට 100කින් ඉහළ නංවනු ඇති

භානුක අමරසිංහ


ප්‍රීමා සමූහයට අයත් සිලෝන් ග්‍රේන් එලවේටර්ස් පීඑල්සී සමාගම සීදූවේ පිහිටි සිය කුකුළු නිෂ්පාදන පරිශ්‍රයේ පහසුකම් තවදුරටත් පුළුල් කිරීම සඳහා රුපියල් බිලියන 3ක ආයෝජනයක් කරන බව පවසයි. එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය පසුගියදා ඊට අදාළ අනුමැතිය ලබාදී තිබේ. 

මෙම ආයෝජන ව්‍යාපෘතිය ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමගින් එක්ව කිරීම අපේක්ෂාව වී තිබේ. ඒ අනුව එම මණ්ඩලයෙන් මෙන්ම අනෙකුත් අදාළ රජයේ ආයතනවලින්ද ඊට අදාළ අනුමැතිය හිමිවිය යුතුව තිබේ. 

මෙම පුළුල් කිරීමත් සමගින්ම සිය නිෂ්පාදන ධාරිතාව සියයට 100කින් ඉහළ නංවනු ඇති බවත්, ඒ හරහා අගය එකතු කළ නිෂ්පාදන සිදු කිරීමේ හැකියාවක් ලැබෙනු ඇතැයිද සමාගම පවසයි. 

එසේම මෙම ආයෝජනයත් සමගින්ම හිමි වන නවීනතම ස්වයංක්‍රීය තාක්ෂණයද සමගින් සිය නිෂ්පාදන වේගය, අඛණ්ඩතාව, නිෂ්පාදන ගුණාත්මක බව ඉහළ යනු ඇතැයි සමාගම පවසයි. 

 “මෙම ආයෝජනය අපගේ දිගුකාලින වර්ධන ක්‍රමෝපාය වෙත සමපාත වෙනවා. එය නවෝත්පාදන, මෙහෙයුම් විශිෂ්ටත්වය සහ තිරසාර වටිනාකම් නිර්මාණය වන කරුණු මූලික කරගත්තක්. මෙම පුළුල් කිරීම අපගේ වෙළෙඳපොළ තත්වය තවදුරටත් දියුණු කිරීමට හේතු වේවි.“ සමාගම පවසයි. 

 



අදහස් (0)

ප්‍රීමා සමූහයේ ධාරිතාව සියයට 100කින් ඉහළ නැංවීමට රු.බි. 3ක ආයෝජනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site