IMG-LOGO

2026 ජුලි මස 11 වන සෙනසුරාදා


පෝර්ට් සිටියේ දැවැන්තම නිශ්චල දේපළ ආයෝජනය ප්‍රයිම් - මෙල්වා හවුලෙන්


 

  • අලු‍තින් මිලදී ගත් අක්කර 6ත් සමගින් සමස්ත ආයෝජනය අක්කර 16ක් දක්වා ඉහළට

ප්‍රයිම් ලෑන්ඩ්ස් සමාගම සහ මෙල්වා සමාගම එක්ව කොළඹ වරාය නගරයේ හෙවත් කලම්බු පෝර්ට් සිටියේ ක්‍රියාත්මක කරන  Prime Marina  ව්‍යාපෘතිය යටතේ තවත් අක්කර 6ක භූමියක් අත්පත් කරගත් බව පවසයි. මෙය එම සමාගම් පෝර්ට් සිටියේ හිමි කරගත් තෙවැනි භූමි කොටසද වෙයි.  

ඒ අනුව එම සමාගම් මගින් මේ දක්වා කොළඹ වරාය නගරයේ අත්පත් කරගෙන ඇති සමස්ත භූමි ප්‍රමාණය අක්කර 16ක් දක්වා ඉහළ යන බවත්, එතෙක් මෙතෙක් එම භූමිය තුළ සිදු කරන දැවැන්තම නිශ්චල දේපළ ආයෝජනය මෙය බවත් ප්‍රයිම් සහ මෙල්වා සමාගම් පවසයි. 

මෙම  Prime Marina  ව්‍යාපෘතිය අදියර 01, 02 සහ 03 ලෙස කාණ්ඩ තුනක් යටතේ සැලසුම කර තිබේ. එහිදී අලු‍තින් අත්පත් කරගත් මෙම අක්කර 6ක භූමිය තුළ සුවිශේෂී මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම අදහස වී ඇති අතර, ඒ යටතේ සුඛෝපභෝගී මහල්නිවාස, වාණිජ අවකාශ සහ සිල්ලර අලෙවි සැල් පවතින බව සඳහන් වෙයි. මෙම සංවර්ධන ව්‍යාපෘති මහල් 42 ක් සහ මීටර් 150ක් පමණ උසට ඉදි වනු ඇතැයිද සමාගම් පවසයි.



අදහස් (0)

පෝර්ට් සිටියේ දැවැන්තම නිශ්චල දේපළ ආයෝජනය ප්‍රයිම් - මෙල්වා හවුලෙන්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site