IMG-LOGO

2026 සැප්තැම්බර් මස 18 වන සිකුරාදා


පීපල්ස් ලීසිං සේවක දක්ෂතා ඇගයීම ‘PLC Star Night’

පීපල්ස් ලීසිං ආයතනය සිය 30 වැනි සංවත්සර සැමරුම් මාලාවේ තවත් සුවිශේෂී වැඩසටහනක් ලෙස, සේවක මණ්ඩලය සතු විවිධ කලාත්මක දක්ෂතා හඳුනාගෙන ඒවා ප්‍රදර්ශනය කිරීමට අවස්ථාව සලසන  “PLC Star Night”  දක්ෂතා ප්‍රදර්ශන වැඩසටහනේ අවසන් මහා තරගය සැප්තැම්බර් 12 වැනිදා කොළඹ Cinnamon Grand හෝටලයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

ගායන හා නර්තන අංශ ඔස්සේ සිය දක්ෂතා ප්‍රදර්ශනය කළ සේවකයින් සඳහා පසුගිය මාසයේදී විනිශ්චය මණ්ඩලයක් ඉදිරියේ පැවති විගණන විනිශ්චය කටයුතුවලින් අනතුරුව, දක්ෂතා දැක්වූ තරගකරුවන් අවසන් මහා තරගය සඳහා තෝරාගෙන ඇත.

 “PLC Star Night” තුළින් සේවකයින්ට සිය වෘත්තීය භූමිකාවෙන් ඔබ්බට ගොස් තම කලාත්මක හැකියාවන් සහ නිර්මාණශීලීත්වය ප්‍රදර්ශනය කිරීමට සුවිශේෂී වේදිකාවක් හිමිවන අතර, මෙය විනෝදාස්වාදය, සහ නිර්මාණශීලීත්වය එකට එක්වන සුවිශේෂී අවස්ථාවක් වනු ඇත. දශක තුනක් පුරා ජනතාව සහ ප්‍රජාවන් සවිබල ගැන්වීමේ ගමන සමරන පීපල්ස් ලීසිං හි 30 වැනි සංවත්සර සැමරුම් මාලාවේ තවත් සුවිශේෂී වැඩසටහනක් ලෙස  “PLC Star Night” සංවිධානය කර ඇත.



අදහස් (0)

පීපල්ස් ලීසිං සේවක දක්ෂතා ඇගයීම ‘PLC Star Night’

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site