පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී (PLC) සමාගම 2024/25 මූල්‍ය වර්ෂය තුළ විවිධ ඛාණ්ඩයන්යටතේ සුවිශේෂී කාර්යසාධනයක් පෙන්නුම් කළ ශාඛා සහ අලෙවි නිලධාරීන් අගය කිරීම සදහා වන PLC Premier Awards 2025, 2025 ජනවාරි මස 17 වැනි දින කොළඹ ශැන්ග්‍රි-ලා හෝටලයේදී (Shangri-La Hotel, Colombo) පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.
පීපල්ස් ලීසිං ආයතනයේ සාර්ථකත්වයට වැදගත් දායකත්වයක් ලබාදුන් සේවකයන්ගේ කැපවීම, උත්සාහය සහ විශිෂ්ඨත්වය අගය කිරීම සඳහා මෙම සම්මාන උළෙල පවත්වනු ලබන අතර මෙමගින් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ මූල්‍ය සේවා සපයන්නෙකු ලෙස පීපල්ස් ලීසිං ආයතනයේ ස්ථානය තවදුරටත් ශක්තිමත් වනු ඇත.
ඉහළ කාර්ය සාධනයක් දැක්වූ ශාඛා සහ සේවකයින් සම්මානයට පාත්‍ර කිරීම මගින් කාර්ය සාධනය මූලික කරගත් ආයතනික සංස්කෘතිය තහවුරු කිරීමත්, සේවකයන් සවිබල ගැන්වීම, විශිෂ්ටත්වය ප්‍රවර්ධනය කිරීම සහ ගනුදෙනුකරුවන් හා පාර්ශ්වකරුවන්ට වැඩි වටිනාකමක් ලබාදීමට පීපල්ස් ලීසිං ආයතනයේ කැපවීම මැනවින් පිළිබිඹුවේ.
පීපල්ස් ලීසිං සමාගමේ විශිෂ්ටයන් අගය කරන PLC Premier Awards 2025