IMG-LOGO

2025 ජුලි මස 20 වන ඉරිදා


පෑන්ඒෂියන් පවර් මෙගාවොට් 5 ක සූර්ය විදුලි ව්‍යාපෘතිය ජාතික පද්ධතියට

 


භානුක අමරසිංහ


පෑන්ඒෂියන් පවර් පීඑල්සී සමාගම කුරුණෑගලදී ක්‍රියාත්මක කළ මෙගාවොට් 5 ක ධාරිතාවකින් යුත් පොළොව මත සවි කළ සූර්ය බලශක්ති ව්‍යාපෘතිය පසුගිය ජූලි 14 වැනිදා ජාතික පද්ධතිය වෙත සම්බන්ධ කළ බව එම සමාගම පවසයි. 

ඒ අනුව නුදුරේදීම එහි වාණිජ මෙහෙයුම් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවත් සමාගම සඳහන් කරයි. එම සමාගම R I L Property PLC සමාගමට අයත් පුනර්ජනනීය බලශක්ති සමාගමකි.

පෑන්ඒෂියන් පවර් පීඑල්සී සමාගමේ පරිපාලිත සමාගමක් වන PAP MHPL Solar (Pvt) Ltd මගින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර තිබේ. ඒ අනුව මේ දක්වා එම සමාගම මගින් ජාතික පද්ධතිය වෙත සම්බන්ධ කෙරුණු පොළොව මත සවි කළ තෙවැනි සූර්ය බලශක්ති ව්‍යාපෘතිය ලෙසින්ද මෙය සැලකෙයි. එසේම මෙම ව්‍යාපෘතිය සඳහා නවීනතම තාක්ෂණික සූර්ය පැනල යොදාගෙන ඇති බවත්, ඒවා මගින් සූර්යාගේ ගමන් මාර්ගය අනුව යමින් එම ආලෝකය උපරිමව උරා ගැනීමට කටයුතු කරන බවත් සමාගම පවසයි.



අදහස් (0)

පෑන්ඒෂියන් පවර් මෙගාවොට් 5 ක සූර්ය විදුලි ව්‍යාපෘතිය ජාතික පද්ධතියට

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site