IMG-LOGO

2026 පෙබරවාරි මස 19 වන බ්‍රහස්පතින්දා


පෞද්ගලික ව්‍යාපාර ණය රු.බි.173 ක් දක්වා වර්ධනයක්

විමුක්ති එස් රුද්‍රිගු


පසුගිය පෙබරවාරි මාසයේදී රුපියල් බිලියන 105.5 ක් ලෙස සටහන් වූ පෞද්ගලික ව්‍යාපාර සඳහා මෙරට බැංකු සහ මූල්‍ය ආයතන ලබාදී ඇති ණය මාර්තු මාසයේදී රුපියල් බිලියන 173 ක් දක්වා වර්ධනය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පසුගියදා නිකුත් කළ නවතම දත්ත වාර්තා පෙන්වා දුන්නේය.
සිංහල අලු‍ත් අවුරුද්දට පෙර මාසය වන මාර්තු මාසයේදී පෞද්ගලික ණය ඉහළ යෑම සාමාන්‍යයෙන් දැකිය හැකි වුවද පසුගිය වසරේ මාර්තු මාසයේ සිට මෙම වසරේ මාර්තු මාසය දක්වා ගෙවුණු මාස 12 ක කාලය තුළ මෙරට පෞද්ගලික ණය රුපියල් බිලියන 1036 කින් ඉහළ වර්ධනය වී තිබිණ. 
එහෙත් 2023 වසරේ මාර්තු මාසයේ සිට පසුගිය වසරේ මාර්තු මාසය දක්වා මෙරට පෞද්ගලික ණය වර්ධනය වී තිබුණේ රුපියල් බිලියන 240 කින් පමණි.



අදහස් (0)

පෞද්ගලික ව්‍යාපාර ණය රු.බි.173 ක් දක්වා වර්ධනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site