IMG-LOGO

2026 පෙබරවාරි මස 19 වන බ්‍රහස්පතින්දා


පෙට්‍රල් සැපයීමේ කොන්ත්‍රාත්තුව සිංගප්පූරුවේ Vitol Asia සමාගමට

නිමල කොඩිතුවක්කු

පෙට්‍රල් 92 Unl නැව් තොග 05 ක් මිල දී ගැනීම සඳහා වූ කොන්ත්‍රාත්තුව පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

2025-04-15 සිට 2025-10-14 දක්වා මාස හයක කාලයක් සඳහා පෙට්‍රල් 92 Unl බැරල් 300,000+/-5%ක් බැගින් වූ නැව් තොග 5 ක් මිල දී ගැනීම සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ලියාපදිංචි සැපයුම්කරුවන්ගෙන් ලංසු කැඳවා තිබේ.

ඒ සඳහා සැපයුම්කරුවන් 7 දෙනකු ලංසු ඉදිරිපත් කර ඇත. 

ස්ථාවර තාක්ෂණික ඇගයීම් කමිටුවේ සහ අමාත්‍ය මණ්ඩලය විසින් පත් කළ විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත පදනම්ව අවම ලංසුකරු වන සිංගප්පූරුවේ  M/s Vitol Asia Pte.Ltd  වෙත එකී ප්‍රසම්පාදනය පිරිනැමීමට බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. 

 



අදහස් (0)

පෙට්‍රල් සැපයීමේ කොන්ත්‍රාත්තුව සිංගප්පූරුවේ Vitol Asia සමාගමට

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site