IMG-LOGO

2026 අප්‍රේල් මස 02 වන බ්‍රහස්පතින්දා


නිහාල් ෆොන්සේකා ටෙලිකොම් අධ්‍යක්ෂ මණ්ඩලයට

භානුක අමරසිංහ 


ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී සමාගමේ නව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස නිහාල් ෆොන්සේකා මහතා පත් කරගත් බව එම සමාගම පවසයි. ඒ අනුව ජූනි 26 වැනිදා සිට බලාත්මක වන පරිදි ෆොන්සේකා මහතා සමාගමේ විධායක නොවන අධ්‍යක්ෂවරයකු ලෙස පත් කරගෙන තිබේ. මෙම පත් කිරීම සිදු කරන අවස්ථාව වනවිට ඒ මහතාගේ වයස අවුරුදු 70 ක් බවත් සමාගම පවසයි.
පසුගිය ජූනි 26 වැනිදා පැවැත්වුණු සමාගමේ වාර්ෂික මහා සභා රැස්වීමේදී එහි කොටස් හිමිකරුවන් විසින් මෙම නව පත්කිරීම කර ඇති අතර, එහිදී ඒ මහතාගේ වයස පිළිබඳ කාරණාව ද නිරාකරණය කරගත් බව සමාගම පවසයි. විශ්‍රාමික බැංකුකරුවකු වන නිහාල් ෆොන්සේකා මහතා වර්තමානයේදී මහ බැංකුවේ පාලක මණ්ඩලයේ සහ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ ද සාමාජිකයෙක් ලෙස කටයුතු කරයි. එසේම ඒ මහතා ෆීනිකිස් ඉන්ඩස්ට්‍රීස් හි සභාපතිවරයා ද වෙයි. ඔහු මීට පෙර කොළඹ කොටස් හුවමාරුවේ හිටපු සභාපතිවරයකු ලෙස ද කටයුතු කර තිබේ. 



අදහස් (0)

නිහාල් ෆොන්සේකා ටෙලිකොම් අධ්‍යක්ෂ මණ්ඩලයට

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site