

ලංකා සේව්‍ය සම්මේලනය (EFC) විසින් සංවිධානය කරනු ලැබූ 2025 ජාතික විශිෂ්ටතම සේවායෝජක සම්මාන උළෙල පසුගියදා පැවැත්විණග එහිදී නෙස්ලේ ලංකා සමාගම ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම සේවායෝජකයන් 10 දෙනා අතරට එක් වෙමින් ගෞරවයට පාත්‍ර විය. ඒ සමග ජනතාව. කේන්ද්‍ර කරගත් සේවා ස්ථාන පිළිවෙත් අනුගමනය කිරීමේ ප්‍රමුඛතම ආයතනයක් ලෙස සිය විශිෂ්ටත්වය නැවත නැවතත් තහවුරු කිරීමට නෙස්ලේ සමත් විය.
මෙම සම්මාන උළෙලේදී කීර්තිමත් ෆ්‍රෑන්ක්ලින් අමරසිංහ අනුස්මරණ සම්මානයේ සමස්ත ජයග්‍රාහකයා ලෙසද නෙස්ලේ ලංකා සමාගම පිළිගැනීමට ලක් වූයේ මෙරට මානව සම්පත් ක්ෂේත්‍රයේ වඩාත් ප්‍රගතිශීලීල සාධාරණ හා සහයෝගී කර්මාන්ත සබඳතා ඉහළ නංවන සමාගමක් ලෙස පෙරමුණ ගනිමිනි.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ නෙස්ලේ ලංකා සමාගමේ සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ බර්නි ස්ටෙෆන් මහතා මෙසේ පැවසීය. 2025 ජාතික විශිෂ්ටතම සේවායෝජක සම්මාන උළෙලේදී නෙස්ලේ ලංකා සමාගම පිළිගැනීමට ලක් වීම පිළිබඳව ඉතාමත් සතුටුයි. මෙහිදී ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම සේවා යෝජකයන් 10 දෙනා අතරට එක් වීමට මෙන්ම ෆ්‍රෑන්ක්ලින් අමරසිංහ අනුස්මරණ කාර්මික සම්බන්ධතා විශිෂ්ටතා සම්මානයෙන් පිදුම් ලැබීමට අපි සමත් වුණා. ඒ තුළින් පිළිගනු ලැබුවේ ජනතාවගේ අභිවෘද්ධිය කේන්ද්‍ර කරගනිමින් අප විසින් ක්‍රියාත්මක කරනු ලබන සුවිශේෂී සේවා සංස්කෘතියයි. සෑම විටම ශ්‍රී ලාංකේය ජනතාවගේ යහපත වෙනුවෙන් මෙහෙයුම් ක්‍රියාත්මක කරන අප මෙම පිළිගැනීමෙන් ස්ත්‍රී පුරුෂ භේදයකින් තොර සහයෝගී හා එකිනෙකාට ගරු කිරීම මුල් කරගත් සේවා ස්ථානයක් වෙනුවෙන් අප සිදු කරන කැපවීම පිළිබිඹු කෙරේ. නෙස්ලේ ලංකා සමාගමේ සාර්ථකත්වය වෙනුවෙන් කැපවී කටයුතු කරන අපගේ කණ්ඩායම් පිළිබඳව මා ඉතා සතුටට පත් වෙනවා. වසර 120ක් පුරා ශ්‍රී ලාංකික ජීවිත නගා සිටුවීමට සමත් වූ සමාගමක් ලෙස පරම්පරා ගණනාවක් තිස්සේ සේවක වර්ධනය හා යහපැවැත්ම ඉහළ නැංවීමටත් මානව සම්පත් භාවිතයෙන් මෙරට සමාජීය හා ආර්ථික දියුණුව සඳහා දායකවීමටත් අපි කැපවී කටයුතු කරනවා”
තවද 2025 ජාතික විශිෂ්ටතම සේවායෝජක සම්මාන උළෙලේදී නෙස්ලේ ලංකා සමාගම හිමිකරගත් මෙම පිළිගැනීම ‘ජනතාව හා ආයතනික කණ්ඩායම සමඟ ජයග්‍රහණය කිරීම” වෙනුවෙන් සමාගමේ කැපවීම තවදුරටත් ඉහළ නැංවීමට සමත් වනු ඇත. එසේම ඒ තුළින් සමාගමේ සේවක ප්‍රජාවල ඔවුන්ගේ පවුල් සහ ප්‍රජාව සඳහා පොදු වටිනාකමක් නිර්මාණය කිරීමේ නෙස්ලේ ලංකාහි සුවිසල් කැපවීමද මනාව පිළිබිඹු කරයි.
වත්මන් ප්‍රජාවගේ හා අනාගත පරම්පරාවේ ජීවන තත්වය ඉහළ නැංවීම වෙනුවෙන් ආහාරවල ශක්තිය ලබා දීමේ අරමුණින් යුතුව සිය මෙහෙයුම් සිදු කරන නෙස්ලේ ලංකා සමාගම වසර 120ක කාලයක් පුරා ලාංකේය ජීවිත සවිබල ගැන්වීමට කටයුතු කර ඇත්තේ රසවත් හා පෝෂ්‍යදායී ආහාර නිෂ්පාදනයන් රැසක් ඔවුන් වෙත ලබා දෙමිනි. යහපත් සෞඛ්‍යයෙන් පිරිපුන් පවුලක්ල ශක්තිමත් ප්‍රජාවක් හා හරිත පරිසරයක් දැයට දායාද කිරීමට කැපවී සිටින නෙස්ලේ ලංකා සමාගමේ නිෂ්පාදනවලින් සියයට 90ක ප්‍රමාණයක් දේශීයව නිෂ්පාදනය කරනු ලබන්නේ ඉහළම ආරක්ෂාව හා ගුණාත්මකභාවය මනාව සහතික කරමින් කුරුණෑගල පිහිටි අති නවීන කර්මාන්තශාලාවේදීය.
නෙස්ලේ ලංකා සමාගම ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම සේවායෝජකයන් 10 දෙනා අතරට