IMG-LOGO

2026 මැයි මස 21 වන බ්‍රහස්පතින්දා


“‍නොස්ටැල්ජික් අවුරුදු”‍ සමගින් අවුරුදු සිරිය නගරයට රැගෙන එන Havelock City Mall

Havelock City Mall (HCM) වෙතින් සංවිධානය කරනු ලබන ‘නොස්ටැල්ජික් අවුරුදු‘ (Nostalgic Avurudu) සැමරුම මාර්තු 21 සිට අප්‍රේල් 12 දක්වා පැවැත්වේ. සංස්කෘතික අංග සහ වෙළෙඳ ප්‍රවර්ධන වැඩසටහන් රැසකින් සමන්විත මෙමගින් පාරිභෝගිකයන්ට අමතක නොවන අවුරුදු අත්දැකීමක් සහ සුවිශේෂී වාසි රැසක් හිමි කර දීමට Havelock City Mall ඵ්කක ආයතනය පියවර ගෙන ඇත.

Havelock City Mall ඵ්කක අවුරුදු සැමරුමේ ප්‍රධාන අංගය වූ ‘අවුරුදු ගම්මානය’, සාම්ප්‍රදායික අවුරුදු අසිරිය නගරයට රැගෙන ඒමට සමත් වීමත් සමග, කාර්යබහුල නාගරික ජීවන රටාවන් නිසා සම්ප්‍රදායෙන් ඈත්ව සිටින පවුල් සදහා ද අවුරුදු සිරිය විඳගැනීමට පහසු අවකාශයක් මෙමගින් සාර්ථකව නිර්මාණය කර ඇත.

අවුරුදු ගම්මානයට අමතරව, Havelock City Mall (HCM) මෙම උත්සව සමය පුරා ප්‍රධාන අංග හතරක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇත. ඒ අනුව, මාර්තු 21 සිට අප්‍රේල් 12 දක්වා පැවැත්වෙන ‘අවුරුදු වාසිය’ වැඩසටහන යටතේ මෙම පරිශ්‍රයේ ඇති විවිධ සන්නාමයන් ඔස්සේ සුවිශේෂී වට්ටම් සහ දීමනා පිරිනැමේ. එමෙන්ම, මාර්තු 24 සිට අප්‍රේල් 12 දක්වා ක්‍රියාත්මක වන ‘අවුරුදු වාසනා’ වැඩසටහන හරහා පාරිභෝගිකයන්ට වටිනා තෑගි දිනාගැනීමේ අවස්ථාව උදාවන අතර, අප්‍රේල් 4 සහ 5 යන දෙදින පුරා පැවැත්වුණ ‘අවුරුදු උළෙල’ මගින් අලු‍ත් අවුරුදු අසිරිය සහ උද්‍යෝගය සාමූහිකව අත්විඳීමට හැකි සුවිශේෂී අත්දැකීමක් පිරිනැමේ.

මෙම උත්සව සමයේ සුවිශේෂී අංගයක් ලෙස අප්‍රේල් 6 සිට 12 දක්වා ‘අවුරුදු කඩමණ්ඩිය’ පැවැත්වීමට නියමිතය. දේශීය හස්ත කර්මාන්ත සහ සාම්ප්‍රදායික රසකැවිලි ඇතුළු නිෂ්පාදන රැසක් ප්‍රදර්ශනය කෙරෙන මෙම සාම්ප්‍රදායික වෙළෙඳපොළ හරහා, දේශීය නිෂ්පාදකයන්ට සහ සුළු පරිමාණ ව්‍යාපාරිකයන්ට උත්සව සමයේ සිය අලෙවිකරණ කටයුතු පුළුල් කර ගැනීමට ඉහළ අවස්ථාවක් හිමිවනු ඇත.



අදහස් (0)

“‍නොස්ටැල්ජික් අවුරුදු”‍ සමගින් අවුරුදු සිරිය නගරයට රැගෙන එන Havelock City Mall

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site